සරත් දිනමින් තිබේ. විමල්ගේ පිස්සුව තදවෙමින් තිබේ.

Posted on January 15, 2010



බුදුන් කල දරු ගැබක් යැයි පෙනෙන ලෙස දර මිටියක් තබා බැද ගත් ගැහැණියක් බුදුන් දම්දෙසමින් සිටි සභාව ‍මැදට පැන මේ මිනිහා නිසා මා බඩ වී ඇතැයි කෑගසමින් බුදුන් අපහාසයට පත් කළා ය.

එවැනි පුගුලන් අදත් වෙසෙති.

එයින් එකෙක් ඊයේ මහත් විගඩමක් කළේ ය.

ඒ වත්මන් දෙවිදත්ගේ උල්පන්දම් නිසා ය.

සරත් ෆොන්සේකා වටා එකතු වන ජන ගග දකින දිනයක් දිනයක් පාසා මේ දේවදත්තයන්ගේ සිහිය වඩාත් විකල්වෙමින් තිබේ.

එකක් ඇරෙන්නට එකක් අතේ රෝල්වලින් උන් සරත් ෆොන්සේකාට තඩිබාමින් සිටිති.

වරෙක සරත් යනු සමලිංගික අපරාධකරුවෙකු ලෙසද තවත් වරෙක ස්ත්‍රී දූෂකයෙක් ලෙස ද තවත් වරෙක හොරෙකු ලෙස ද තවත් වරෙක අපරාධකා‍රයෙකු ලෙස ද හංවඩු ගසමින් තිබේ. මෙසේ තොග ගණනින් මඩ නිශ්පාදනය කළ එක ද මැතිවරණයක් වත් ඉතිහාසයේ නැත.

සරත්ගේ ජනප්‍රියතාවය වැඩිවන්නට වැඩිවන්නට මඩ ද වැඩිවී තිබේ.

ලංකාවේ හමුදාපති මෙසේ නම් හමුදාව ගැන අහන්නට දෙයක් ඇත්දැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් ඇමරිකාවේ වෙසෙන ලාංකිකයෙකුගෙන් අසා තිබේ. ආණ්ඩුවෙන් පරිප්පු කන්නට වෙන නිසා ඔහු නම කියනවාට කැමති නැත. ඇත්තටම පුදුමය එහෙම නැහැව්වොත් ය. ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය කැළැපත්තර ඉංග්‍රීසියට පෙරළා පළ කර තිබේ.

රටට පෙර මට යන්න මීටත් හොදින් ක්‍රියාත්මක වනවා අප ‍දැක නැත. ‍දේශප්‍රේමීන් මේ විදිහට රට විකුණන් කා තමන් රැකෙනවා මීට පෙර මේ මට්ටමෙන් සිදුව නැත.

මෙහෙව් රටක් නැතිකරන්නට පිටින් කුමන්ත්‍රණ කරන්නට අවශ්‍ය නැත.

එහෙත් මේ රටේ ඉන්නා මෝඩ ගස් ගෙබ්බන්ට ඒවගක් තේරුම් ගැනීමට මො‍ළයක් නැත.

Posted in: Uncategorized