බිල්ලා කවුද?

Posted on January 15, 2010



බබා, ඔහෙ යන්න එපා! බිල්ලෙක් ඉන්නවා.

කවුද බිල්ල කියන්නෙ?

අම්මෝ හරි නපුරුයි. දැක්කම බය හිතෙනව. ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි දෙකක් වගේ. රතුයි. ළමයින්ව ගිලිනව.

අම්මවත් ගිලල තියෙනව ද?

අපෝ නැහැ. අපි පුංචි කාලේ අම්මල තාත්තල කියන දේ අහල, කියන විදිහට හිටිය. ඒ නිසා අපිව බිල්ල ගිල්ලෙ නැහැ.

බිල්ලට අම්ම තාමත් බය ද?

ඔව් මයෙ පුතේ, ඌ හිතක් පපුවක් ඇති මිනිහෙක් නෙවෙයි. කොටින්ම සංවේදී මිනිහෙක් නෙවෙයි!

ඔන්න අම්මත් රූපවාහිනී භාෂාවෙන් කතා කරන්න ගත්ත. අර පක්ෂ කාර්යාලවලට ගහන්නෙ වයසක ආච්චිලාට වෙඩි ති‍යන්නෙත් බිල්ලො ද අම්මෙ?

නැහැ පුතේ, ඒ මිනිස්සු.

බිල්ලො ඊටත් වඩා නපුරුද අම්මෙ?

මේ ළමයින්ගේ තාත්තා පොඩ්ඩක් මෙහාට එනව ද? මට වැඩ තියෙනව. මේ කොලූවව පොඩ්ඩක් බලා ගන්නකො ඇවිල්ල.

අනේ අම්මෙ, බිල්ලගෙ නම මොකද්ද කියල යන්නකො. රනිල් ද?

කවුද උඹට ඒ පැහැච්ච කම් කීවෙ?

ඇයි අම්මෙ ඊයේ අන්කල් කෙනෙක් කිව්වෙ සමහර අම්මල තාත්තල හැරෙන්නෙවත් නැහැ මේ දවස්වල හැරුණොත් රනිල් එයි කියල බයට කියල. අම්මෙ ඒ බිල්ල ඒතරම්ම දරුණු ද?

මෙන්න මේ ළමයා ගන්නෝ!

Advertisements
Posted in: Uncategorized