මැතිවරණ කොමසාරිස් තුමනි නොඅඩා, ඔබෙ බලතල භාවිතා කරන්න!

Posted on January 13, 2010



එළඹෙන සුභ අනාගතය කෙසේ වනු ඇති දැයි වඩාත් හොඳින් දැන ගැනීමට ඔබට මැතිවරණ කොමසාරිස්ට සවන් දීමෙන් හැකි වනු ඇත.

එතුමා තමන්ගේ කළකිරීම, නොසතුට හා අප්පිරියාව එළිපිට ප‍්‍රකාශ කර තිබුනේ 12 පැවති පක්ෂ නායක සාකච්ඡවෙදී ය.

http://www.lankaenews.com/Sinhala/news.php?id=11929

http://www.lankaenews.com/English/news.php?id=8932

නීතිය අවඥාවට ලක්කරමින් මුලු රාජ්‍ය යන්ත‍්‍රයම හැසිරෙන හැටි ගැන විස්තර සහිත කතාවක් කර අවසානයේ එතුමන් කියා ඇත්තේ තමන් පත්කළ බලධාරියා ද ඉවත් කර ගන්නා බව ය.

බලධාරියා ඉවත් කරගන්නා බවට කරන ලද කිසිදු ප‍්‍රතිඵලයක් ගෙන ඒමට අසමත් බොළඳ තර්ජනය මොහොතකට අමතක කොට බැලුවහොත් මෙසේ තම අදහස් එලිපිට දැක්වීම සම්බන්ධයෙන් එතුමාට අප ගරු කළ යුතු ය.

ඇස් ඉදිරිපිට පෙනෙන දේවත් කියා ගන්නට බැරි නිලධාරීන් පිරිසක් සිටින රටක එහෙම නිලධාරියෙක් වාසනාවන්ත ය.

එහෙත් එතුමාට අපට මෙන් නොව බලයක් තිබෙ. මැතිවරණ කොමිසම සතු බලතල  එය පත්වන තෙක් මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීමෙ හැකියාව ඇත්තේ එතුමාට ය.

“මට බෑ මෙ අයියලත් එක්ක සෙල්ලම් කරන්න. උන් හොර කරනව” කියා අඩා සෙල්ලමෙන් ඉවත්ව යන කුඩා දරුවෙකු මෙන් හැසීරීමට වඩා දෙයක් එතුමාට කරන්න බැරිවීම ගැන එතුමා සම්බන්ධයෙන් අපට ඇත්තේ තරහකි.

අප එතුමාට අනුකම්පා කරන මුත් මෙම තීරණාත්මක මොහොතේ තමන්ට හිමි බලය භාවිතා නොකොට වගකීමෙන් පැන යාමට තැත් කිරීම ගැන එතුමාට සමාව දීමට අපට නොහැකි ය. එතුමා හැරෙන්නට ජනතාවට සාධාරණත්වය සැළසිය හැකි හා එපමණට නීතිය ක‍්‍රියාත්මක කළ හැකි කවරෙක්වත් මෙම මොහොතේ නැති බැවිනි.

ඒ නිසාම අඩනවාට වැඩි යමක් (පරිණත හැසිරීමක්) අපි එතුමාගෙන් අපේක්ෂා කරමු.

Posted in: Uncategorized