රට පාවා නොදී දෙමළ ජනතාවට බලය බෙදා දීමට රජතුමා සැරසෙයි! පොඩ්ඩක් ලේට් වගේ නැත් ද?

Posted on January 12, 2010



පළපුරුද්ද වැඩිවුනහම මොළය පහළ විම පරක්කු වෙනවාදැයි අපට සිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලය බෙදාහැරිම යුක්ති යුක්ත යැයි ද ඒ සදහා ජනමතවිචාරණයක් පවත්වා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද (වෙනදා නොකියූ) දැන් කියන කියමන නිසා ය.

දහතුන් සංශෝධනයෙන් ඔබ්බට යා යුතු යැයි සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළ වෙලාවෙ ලොව සිදුවූ මහා පාවාදීම ලෙස එය බාරගත් අය මෙය ජනහිත කාමී මහා භාරකරුවාගේ වැඩක් ලෙස ප‍්‍රකාශ කරනවා ඇත.

(වෙන කවුරු බලය බෙදුවත් එතැන රට පාවාදීමක් සිදුවීම අනිවාර්ය ය. රට පාවා නොදී බලය බෙදිය හැක්කේ රජතුමාට පමණකි.)

මෙවා ජනතාවට අමුතු දේ නොවන නිසා නැවත නැවතත් කිව යුතු නැතැයි වෙලාවකට සිතුනත් අපේ බ්ලොග් අඩවියට පිවිසෙන බූරුවා (අප අපහාස කළා නොවෙ. ඔහු තමන්ව අඳුන්වා ගන්නේම එම නමිනි) වැනි අයගේ ප‍්‍රතිචාර නිසා නැවත නැවතත් මෙ ප‍්‍රතිවිරෝධය එලි දැක්විය යුතු යැයි සිතමු.

බොරුව, වංචාව හා පාවාදීම යන සියල්ල මෙහි අන්තර්ගත බව අධෝවාතයත් සුවඳැයි කියන අයට නම් තේරුම් ගැනීමට මඳක් අමාරු වනු ඇත.

පරක්කු වී හෝ තේරුම් ගැනීම තේරුම් නොගෙන සිටිනවාට වඩා හොඳ ය. රජතුමාට වන්දනාමාන කරන අමන පුරවැසියන්ට පමණක් නොව රජතුමාට පවා හොඳ ය.

ඒත් මට නම් හිතෙන්නේ රජතුමා ටූලේට් විය හැකි බව ය.

ඩෙලිමිරර් පත‍්‍රය රජතුමාගේ බලය බෙදාහැරීමට ඇති කැමැත්ත හා වුවමනාව පළ කර තිබුනේ මෙසේ ය.

President Mahinda Rajapaksa today offered concessions to Tamil demands for greater autonomy ahead of elections in which the minority community could play a decisive role. President Rajapakse said he was proposing power-sharing arrangements to give minority Tamils a greater say in the legislature and address long-standing demands for devolution of power, AFP reported.

The quest for an independent homeland was the main plank of a decades-long armed insurgency by Tamil Tiger separatists that only ended last year with a final military victory over the rebels. 

“The end of the war does not mean the end of the conflict,” Rajapakse told foreign correspondents at his tightly guarded Temple Trees residence in Colombo. “We need to politically address the needs of Tamils.” 

“All this will require amending the constitution and seeking the approval of the people at a referendum,” Rajapakse said. “The ordinary people simply want to live in peace, but there is a demand and a need for a political settlement, ” AFP qouted him as saying.

Posted in: Uncategorized