විමල් හරාකිරි කිරීමට ‍තෝරාගෙන ඇති “බෑණාගේ සමාගම” නමැති පිහිය

Posted on January 8, 2010



බෑනාගේ කොම්පැනිය ගැන කතන්දරයක් කියමින් මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව ඇති අතර ඒ ගැන අද ස්වර්ණවාහිනියේ වාදයක් පැවැත්වීමට ද නියමිත ය.

සමහර විට ආණ්ඩුව එල්ලෙන්නට හදන අවසාන පිදුරු ගහ මෙය විය හැකි ය. ඒ නිසාම එය විමසීම කාලෝචිත ය.

මේ වනවිට ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කළේය යන චෝදනාව යටතේ මෙම කොම්පැනියේ ලාංකාවේ නියෝජිත යැයි කියන කොම්පැනියේ අධ්‍යක්ෂක වරයෙක් අල්ලා රිමාන්ඩ් කර තිබේ (රිමාන්ඩ් කිරීම ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිණිස වෙයි නම් මල්වතු නාහිමියන් වුව රිමාන්ඩ් කිරීමට ආණ්ඩුව පැකිලෙන එකක් නැත).

මෙතරම් විශාල අපරාධයක් සිදුව තිබියදී මේ අවිගනුදෙනුව අනුමත කළ (ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත්) ලංකා ලොජිස්ටික්ස් සමාගමේ කිසිදු නිලධාරියෙකුට විරුද්ධව අප දන්නා තරමින් චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත්ව නැත. ජනපතිවරණ වේදිකාව දෙවනත් කරන්නේ එහෙව් ලුහුඩු කාරණයක් පෙර දැරි කර ගෙන ය.

රාජ්‍ය සේවය තුළ ‍වන්නාවූ කිසියම් දුෂණයක් හා වංචාවක් සම්බන්ධයෙන් පොලීසිය කරන රාජකාරීවලට සමාන්තරව ආයතනිකව ද යම් ක්‍රියාමාර්ගයන් ගැනෙයි. එහෙම ඒවා ගෙන තිබේ දැයි අසන ප්‍රශ්නයන්ට උත්තර ද නැත.

මෙම කතාව වේදිකාවට ගෙන එන්නේ ගෝඨාභය රාජපක්ෂ නොවේ. තමන්ගේ දේශපාලන ජීවිතය දැනටමත් බදු දී ඇති විමල් වීරවංශ විසිනි.

එය ද නිකම් බාගෙට කොනිත්තන විදිහට ය.

විමල් කරන්නේ හරාකිරියකි. රාජපක්ෂට කඩේ යන අයට මොනම ලජ්ජාවක්වත් නැත. හොදම උදාහරණය හඩ්ඩා ය. රනිල් ද චන්දයට ඉදිරිපත් වෙතැයි සපථ කළ හඩ්ඩා එසේ නොවුවහොතින් දණගාගෙන ගොස් ගුවන්විදුලියෙන් සමුගන්නේ යැයි කීවද දුම්මල ගසාවත් යන්නේ හඩ්ඩා නොවේ. විමල්ට අවශ්‍යව ඇත්තේ එවැනි ලජ්ජා නැතිකම් සියල්ල පරද්දන්න ය.

ගෝඨාභය අල්ලන්නට හිරිකත කාරණා විමල් ඇගේම ගාගෙන නටන්නේ ඒ නිසා ය.

සම්පූර්ණයෙන්ම සත්‍යය යයි අප සපථ නොකරන මුත් මේ සංවාදයට අවශ්‍ය තවත් පැතිකඩක් පහත සටහනෙන් එලියට ‍එයි. එයද පරීක්ෂා කර හැකි කාරණා සහිත ය. පළව තිබුනේ ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ පළවු සටහනකට පිළිතුරු වශයෙනි.

Danuna has nothing to do with this company. He is nether partner nor associate of these guys in Colombo and he does not have any business affiliation with this company. This company is owned by a guy called Upul Ilangange, he is an army deserter lives in Edmond, Oklahoma. He is the owner of this company and Lanka Food (web based Sri Lankan food selling company) in Flower Mount, Texas. This guy is the one who throws mud at Danuna and Gen. He is working with Uruwansha and Jaliya Wickramasooriya (ambassador who is disgraced to Sri Lanka) at this stage. When he wanted to do arms deals in the past, he approached Danuna and Gen.. Both of them refused to help him in the past. Sri Lanka, media, please expose this guy. He came to Sri Lanka two weeks ago. His ticket was bought by Sri Lanka Embassy in Washington DC from Upul Travels. Disgusting Ambassador Jaliya who engages in MR’s election campaign picked him up from the airport and took him to MR. Now he in Sri Lanka planning the next step…

Posted By: Jaliya Wimal

අදාළ සටහන බැලීම සදහා පහත සම්බන්ධයෙන් පිවිසිය හැකි ය.

http://www.lankaenews.com/Sinhala/news.php?id=11852

මඩ ගහන අයට කැළැපත්තර පවා උපුටා ගත හැකි නම් මඩ මේ යැයි කියා සිටීමට මෙහෙම උපුටනයක් යොදාගත්තාට පව් නැතැයි සිතමි. අතේ පැළවෙන බොරු ඉස්සරහට උත්තර දෙන්න අවස්ථාවක් නැතිවම එලියට ගනු ඇතැයි මේ සිදුවෙමින් තිබෙන දේ ගැන නැවත විමසන විට අපට අනාවැකියක් සේ කිව හැකි ය. ඒවා ජනපතිවරණය අවසානයත් සමග කී කෙනෙකුද නැතිව වාෂ්පව යනු ඇත.

Advertisements
Posted in: Uncategorized