ඒ මොන විශේෂණ පද දැම්මත් උන් උපන් ගෙයි මෝඩයෝය

Posted on January 5, 2010



අප දන්නා පැරණි කතාවක් අපේ මතකයට ආවෙ පහු ගිය දිනක කිරිබත්ගොඩ වූ ගුටි කෙළිය ආරංචියත් සමග ය.

ගහන්න ගහන්න වඳින මිනිහාත් වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයෙකි යන්න ඒ කතාවයි.

ඒ කතා ඇත්ත කරමින් මෙතෙක් වැඳ වැඳ උන් මිනිස්සු පෙරළා පහර දීමට තීරණය කළෝ ය.

ඒ වඳින්න වඳින්න ගහන මිනිහා මෝඩයා කරමිනි. ඒ කියන්නේ මර්වින් සිල්වාගේ මැරයින් මොඩයින් කරමිනි.

උන් කොහොමටත් මෝඩයින් ය. මැස්සා මැරීම සඳහා කඩුවෙන් කෙටූ ආරක්ෂකයා වැනි මෝඩයින් ය. එයින් තමන්ගේ ස්වාමියා ට බරපතළ තුවාල ඇති වන බව නොදැන සිටි මෝඩයින් ය.

උන්ගේ ස්වාමියා ද මෝඩ ය. අතීත අත්දැකීමකින් වත් ඉගෙන ගන්නට නොහැකි තරමට මෝඩ ය.

මෙම මෝඩයින් නිසා තියෙන චන්ද ටිකත් නැතිවන බව දැන දැනත් උන් බල්ලන් සේ ලිහා හරින ස්වාමියා නුවනක්කාරයෙකු ලෙස හඳුන්වන්නේ කෙසේ ද?

මෙම මෝඩ දෙවර්ගයේ රගපෑම ඉවසා උන්ට චන්දය දෙන්නට සිතන්නෝ මෝඩයින්ගෙත් මෝඩයෝය.

හැබැයි මෝඩ වුනත් උන් දේශපේ‍්‍රමීය. මෝඩ වුනත් කළ ගුණ දත් මෝඩයෝ ය. ඇත්තටම කියනවා නම් කළගුණ දත් දේශපේ‍්‍රමී මෝඩයෝ ය.

උන් උන්ගේ ස්වාමියාටත් ස්වාමියා මෙහෙයවන දඩ බල්ලන්ටත් වඩා ගුණ යහපත් බව සැබෑ ය. ඒ උන්ගේ කළ ගුණ සළකන කුළුණු ගුණය නිසාය.

එහෙත් උන් කළ ගුණ සළකන නිසාවත් උන් දේශපේ‍්‍රමීන් නිසාවත් උන්ගේ මෝඩ කම අහෝසි වන්නේ නැත.

ඒ මොන විශේෂණ පද දැම්මත් උන් උපන් ගෙයි මෝඩයෝය.

(මෙම මෝඩකම ඉවසා ගන්නට අමාරුවූ දිවයින පුවත්පතේ කතුතුමාත් එතුමාගේ කතුවැකි තොග පිටින් තමන්ගේ බ්ලොග් අඩවියට ආනයනය කරන කසාපබ්බතත් ඉතා ඔනෑකමින් මෙම මෝඩයින්ගෙන් ඉල්ලා සිටියේ මෙ මෝඩ වැඩය නොකරන ලෙස ය. උන් මෝඩයින්ම බව ඔප්පු කරමින් ඊයේ තවත් සිද්ධියකට උන්ගේ ස්වාමිවරු හා උන් විසින් මෙහෙවන දඩ බල්ලන් අත ගැසූහ. ඒ මර්වින්ගේ ගිණුමට බැර කළ නොහැකි කටානේ දී ය.

කටානේ එජාප කාර්යාලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය අපට කියන්නේ ඉදිරිය වඩාත් දරුණු විය හැකි බව ය. තවදුරටත් මහින්දට චන්දය දීමට බලාපොරොත්තුවන අයටත් ඒ පිළිබදව නැවත සිතා බලන්නට වෙන තරමට තත්වය තවදුරටත් මෝරමින් ඇති බව ය. උන් නැත්නම් නිකම්ම නිකම් මෝඩයින් නොව පල්ම පල් මෝඩයින් වන බව ය)

Posted in: Uncategorized