ජනාධිපති අපේක්ෂකයා විසින් හොරකම් කළේ යැයි කියන ටෙලි නාට්‍යයේ මුල් පිටපත කාගේ ද

Posted on January 4, 2010



ටෙලිනාට්‍ය පිටපතක් හොරකම් කළේ යැයි එක් ජනාධිපති චන්ද අපේක්ෂකයෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කියැවෙ.

බොහෝ දෙනාට මෙ ටෙලිනාට්‍ය පිටපත හොරා ගන්නට ඇත්තේ කාගෙන්දැයි යන්න පමණක් නොව කවුරුන් කියාදැයි සැකයක් ඇත.

හොරාගත් ටෙලිනාට්‍ය පිටපතට අනුව දකුණු ලකින් පැමිණි සුජාත පුත‍්‍රයෙක් බිඳි ගිය රට එක්සත් කොට ජයකෙහෙලි නංවන බවත් ඉන්පසුව එළඹෙන සමයේ බිඳී ගිය ජාතීන්ද එක්කොට සහයෝගයෙන් ජීවත්විය හැකි රටක් බවට එය පත් කරන බවත් සඳහන් වෙයි.

හොරකම් කරගෙන ඇත්තේ ඒ පිටපත ය.

දැන් ඒ පිටපත පාවිච්චි කර නාට්‍යයක් හදන්නටත් එහි රගපෑම තමන්ම බාර ගැනීමටත් මෙම චන්ද අපේක්ෂකයාට වුවමනා වී තිබෙ.

අවුල ඇතිව තිබෙන්නේ ඒ නිසා ය.

පොලීසිය මෙම පිටපත හොරකම් කළ තැනැත්තා සොයන මුත් චෝදනා ලැබ සිටින්නා කියන්නේ මෙහි මුල් පිටපත ඔහුගේ බවත් කියවන්නට දුන් එක අනෙකා බලාහාත්කාරයෙන් තබා ගෙන සිටි බවත් ය. ඒ අනුව මුල්පිටපතට අයිතිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති නිසා ප‍්‍රශ්නය සංකීර්ණ වී තිබෙ.

මහෞෂධ පණ්ඩිතයින් ගෙන්වා මිසක විනිෂ්චයක් දිය නොහැකි තරමට අවුල් වී තිබෙ.

හොරා කවරෙක්ද හොරා ගත්තේ කවරෙකුගෙන් දැයි පිරිසිඳ දත හැකි කෙනෙකුට දැනට හිස්ව ඇති මහෞෂධ පණ්ඩිත කම පිරිනැමීමට නියමිත ය.

(ඇත්තම කථාව මීට වෙනස් ය. එහෙත් මෙම කතාව ඇත්ත කතාවට වඩා ඇත්තට ලග ය. ඒ නිසාම හුදී ජන පහන් සංවෙගය සඳහා මෙසේ පළකර සිටිමු.)

Posted in: Uncategorized