ආනන්ද සංගරීට බෙන්ස් එකක් නැත්නම් ලගදී ගෙන්වූයේ යැයි කතාවෙන අවුඩියක් වත් දුන්නොත් මොකද?

Posted on January 1, 2010



ද‍්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා ජනපති අපේක්ෂකයින් දෙදෙනාට සළකා බැලීම සඳහා 15 වැදෑරුම් වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙ.

රට කරවන උන් කරන්නට අපොහොසත් වූ හා රට කරවන්නට බලාපොරොත්තුවන අයගේ ඇස් ඇරවන එම වැඩපිළිවෙළ පිළිබඳව අපගේ ස්තුතිය ආනන්ද සංගරී මහතාට හිමිවෙයි.

එහි ඇති එක අංගයක්වත් එක එල්ලේ ඉවත දැමිය නොහැකි ඉතාම බරපතළ කාරණා ය.

මඩ ගහගනිමින් ඉන්නා පාර්ශව දෙකට හා බොරුවට සුභ අනාගතයක් කියා හිස් ප‍්‍රකාශයක් කරන ආණ්ඩුවට තමන්ගේ ඇස් ඇර බැලීමට පොළොඹවන ඒවා ය.

දෙමළ නායකයින්ට බෙන්ස් කාර් හෝ ඇමති පට්ටම් දී දෙමළ ජනතාව හීලෑ කරගැනීමෙ පහසු මග තෝරා ගෙන ඇති රජතුමාට මෙවා තමන් අමාරුවෙ දමන වැඩ ය.

පපුවට ගහගෙන මම රටෙ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කීම මෙවැනි අමාරු ප‍්‍රශ්න වලට විසඳුම් සොයනවාට වඩා ලෙහෙසිය.

ඇත්තටම බෙන්ස් කාර් එක දෙන්න තිබුනේ අස්ගිරියට නොව ආනන්ද සංගරීට බව රජතුමාට හිතෙන්නට ඉඩ තිබෙ.

ඊයේ පෙරෙදා ගෙනාවා යයි කියන අවුඩියක් වත් දීල බලන එක හොඳ නැත්දැයි සමහරු අසන්නේ දැන් ය. ඔය 15 වැදෑරුම් වැඩ පිළිවෙළ ගේන්න කළින් ඔය මගුල මතක් නොකළේ ඇයිදැයි රජතුමා අසාවිදැයි බයෙන් බොහෝ දෙනෙක් ඒක රජතුමාට යෝජනා කරන්නේ නැත.

තව පුංචි පරහක් තිබෙ. මල්වතු මහා නාහිමියන් මෙන්ම ආනන්ද සංගරී ද බෙන්ස් එකට පිටුපෑවොත් විලි ලජ්ජාව ය.

හැබෑටම, එහෙම ලජ්ජාවක් කියල එකකුත් තියෙනවා ද? ගන්න උන්ට විතරක් නෙවෙයි දෙන උන්ටත්?

Advertisements
Posted in: Uncategorized