දැරණියගල (වාරියපොල ලෙස කලින් සඳහන්ව තිබුනේ වැරදීමකිනි. ඒ ගැන සමාව) ප්‍රාදේශීය ලේකම් කපා කොටා තුවාල කළ මැරයන් ඇල්ලීමට පොලිස් කණ්ඩායම් තුනක්! (ඒ මැරයන් නම් කවදාවත් අල්ලන මැරයන් නොවන බව ඉන් හොදින්ම පෙනේ) තමාගේ කටවුට් ඉවත්කරන ලෙස ජනපති පොලිස්පතිතුමාට උපදෙස් දුන් බව පොලිස්පති කියයි! (ඒ කටවුට් නම් ජනවාරි 26 දාට පෙර ගැලවෙන එකක් නැති බව දැන් ඉතා […]
December 15, 2009
කුට්ටම තියෙන්නේ අනලා ය. නැත්නම් ඇනිලා ය. කොළයක් හාරත ද ස්කෝප්ප ද කියා තෝරාගත නොහැකි තරමට පාට ද හැඩය ද කළවම් වෙලා ය. තුරුම්පු මොකක්ද නිකම් කොළේ මොකක්ද කියා මතක තියා ගන්නට බැරි ය. අද අපේ තුරුම්පුව හෙට අනෙකාගේ තුරුම්පුව වෙන තරමට අත් මාරුවෙලා ය. ඉරවල් මැකිලා ය. මායිම් කඩා වැටිලා ය. සීමා බොඳ වෙලා […]
December 14, 2009
දෙවැනි දිනයටත් යාපනයේ හමුදා භටයෙකු මරා දමා ඇතැයි ටැමිල්නෙට් වෙබ් අඩවියේ සටහන් කර තිබිණි. එය සිය දිවි නසා ගැනීමක් විය හැකි යයි හමුදාව විශ්වාස කරන බව ද එහි සඳහන් වී තිබිණි මෙය දකුණේ මාධ්‍යන්ට ප්‍රවෘත්තියක් නොවූයේ මෙය සිදුනොවූ එහෙත්ටැමිල්නෙට් කාරයින් විසින් ගොතන ලද අතේ රොලක් බව සිතන නිසා ද? මෙය එවැනි ප්‍රවෘත්තීන් එලියට දැමීමට සුදුසු නැති […]
December 13, 2009
දන්සැලකින් කන්නට ලැබීම මේ කාලයේ හැටියට ලොකු වාසනාවකි. එසේ මෙසේ එකක් නොව රජගෙදර තියෙන දන්සැලක් නම් වාසනාව කියලා නිම කරන්නට බැරි ය. වෙන දන්සල මෙන් නොව (මතට තිත පැත්තකින් තබා) බොන්නත් දී සළකනවා නම් එය තවත් අගේ ය. මේ සියල්ල සම්පූර්ණ වූ දන්සැලකට ආරාධනාවක් ලැබුනේ රජතුමාගෙන් වුවද එය ආරාධනාවකට වඩා අනිවාර්යයෙන් සහභාගිවිය යුතු නියෝගයක් බවට […]
December 12, 2009
බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීම සඳහා දියත් කළ කුමන්ත්රණයක සුලමුල හෙලි කිරීමට අද අපට හැකි ය. ඇත්තටම ඔවුන් මුලින්ම කර තිබෙන්නේ රජයේ ඉහළ තැන්වලට සරත් ෆොන්සේකා ගැන කේලම් කීම ය. එයින් කිපුනු සමහරු සරත් ෆොන්සේකාට යන තැනට වැඩ සැළැස්වූ විට කුමන්ත්රණයේ පළමු අධියර සාර්ථක විය. දෙවැනි අදියර වී තිබුනේ තව අවුරු දු දෙකකින් […]
December 11, 2009
මත්පැන් බීම වැරදි නැත. මත්පැනින් සංග්‍රහ කිරීම ද වැරදි නැත. එහෙත් මත්පැන් බීම කුළුගැන්වීම වැරදි ය. මෙම ප්‍රකාශය කර ඇත්තේ චම්පික රණවක ය. ඒ චක්‍රවර්තී හිමියන් බේරා ගැනීමට දියත් කළ මෙහෙයුමක දී ය. චක්‍රවර්ති හිමි සරත් ෆොන්සේකා මත්පැන් ටිකක් පානය කිරීම බරපතල වැරැද්දක් නොවෙ යයි කරන ලද ප්‍රකාශය පතුරු ගසමින් සිටියදී මාධ්‍ය වේදීන් එතුමාගෙන් ඇසුවේ […]
December 11, 2009
කොටකදෙනිය කියන පරිදි හෙතෙම පොලිස්පති වීමට පවා සිටි කෙනෙකි. එහෙත් ඉරණම මෙන්ම චන්ද්‍රිකා ද හරස්වීමෙන් ඒ තනතුර ඔහුට නොලැබී ගියේ ය. කොටකදෙනිය මන්ත්‍රීකමක් දරන්නට පුලුවන් කෙනෙකි. එහෙත් හාමුදුරුවන්ටත් බෙන්ස් රථ ඕනෑ වූ නිසා ඒ පුලුවන්කමත් සග සතු කිරීමට ඔහුට සිදුවිය. ඉතින් ඔහු පළාත් සභාව තෝරාගත්තේ පක්ෂයේ ද ඉල්ලීම පරිදි ය. කියන විදිහට ඔහු ටික කාලයකට […]
December 10, 2009
එස්බී ගියේ ශ්‍රීලනිපයේ බලය අල්ලන්න. එහෙම කියන්නේ ඩබ්ලිව් ත්‍රී ලංකා W3Lanka බ්ලොග් අඩවියයි. ඒ සියරට පුවත්පත උපුටා දක්වමිනි. ඒ අනුව එස්බී පැත්ත මාරු කළ ද ජනාධිපති සිහිනය අතහැර දමා නැත. එස්බී ගියේ තමන්ගේ ජනාධිපති සිහිනය අත්හැර දමා බව කියන්නේ ටැබූ ය. ඔහුට අනුව කවදාවත් ජනාධිපති තනතුරක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි ශ්‍රීලනිපයට (පක්ෂය රාජපක්ෂ පවුලට නතුව […]
December 9, 2009
කතරගම යන කෙනෙකුට එක්කෝ හින්දු දේවාලය වැද පුදාගෙන පසුව කිරිවෙහෙරට යාමට පුලුවන. නැත්නම් කිරිවෙහෙර වැද පුදාගෙන දේවාලයට දෙවනුව යා හැකි ය. මෙහෙම විකල්ප මාර්ග දෙකක් ඇත්තේ බෞද්ධ සැදැහැවතුන්ට ය. දෙවියන්ගෙන් වැඩක් ගැනීමට පැමිණෙන බෞද්ධ සැදැහැවතුන් අතරේ දෙපිරිසක් සිටිති. එක් කට්ටියක් දෙවියන් බැහැ දකින්නට පැමිණිය ද ඒ කර්තව්‍යය තුළ තමන් අදහන බුදුදහම කෙළෙසෙතැයි යන සැකය ඇත්තෝ […]
December 8, 2009
හමුදා භටයින්ට ඇත්තේ රට බේරා ගැනීම ය. රට කෑම අයිති දේශපාලනඥයින්ට ය. ඒ නිසා හමුදා භටයා දේශපාලනයට ඒම යහපත් නැත. දේශපාලනඥයින් පහුගිය දොහේ දිගටම කළේ හමුදා භටයින් විකිණිම ය. හමුදා භටයින් තමන් විකුණන්නට යෑමෙන් අල වන්නේ දේශපාලනඥයින් දැන් ගෙනියන බිස්නස් එක ය. ඒ බිස්නස් එක කුමක් හෝ කර බෙරා දිය යුතු යයි කල්පනා කළේ වත්මන් […]
December 16, 2009
2