දහම්පාසැල් යන ළමයි බොහෝ කීකරු ය. ගුණ ගරුක ය. සිල්වන්ත ය. දැමුණු සිත් ඇත්තෝය.
අපේ රජතුමා ද දහම්පාසැල් ගොස් ඇත. ඒ නිසා මේ සියලු ගුණාංග එතුමා සතු ය. ඒ නිසා ම කවදාවත් වෛරක්කාරි දේශපාලනයේ නියැලෙන්නේ නැත.
ඇත්තටම මේ බව කීවේ වෙන කවුරුවත් නොවේ. එතුමා මය. තමන්ට සහතික පිරිනමා ගැනීම අතින් එතුමා අග තැන් ය. බලාගෙන ගියහම එහි වරදකුත් නැත. පුංචි ආදර්ශයක් ද ජනතාවට ලැබෙන නිසා ය.
මේ වනවිට එජාපයේ ආසන සංවිධාකයින් 5-6 ට වඩා අත්අඩංගුවට ගෙන ඇත්තේ එතුමා මෙන් දහම් පාසැල් නොගිය පොලීස් නිලධාරී වරු ය. විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගණනාවකට පහර දී ගිනිබත් කර උන්ට රෝහලේ විවේක ගන්නට අවස්ථාව සළසා ඇත්තේ ද දහම් පාසැල් නොගිය එතුමාගේ ම පාක්ෂිකයෝ ය. ඇත්තටම තමන්ගේ සගයින් දහම් පාසැල් යවා ගන්නට නොහැකි වීම ගැන එතුමා මේ දවස්වල ඉන්නේ තද කළකිරීමකිනි.
දහමට ලැදි ඒ පැරණි චාරිත්‍ර එලෙසම පවත්වා ගෙන යාම රජකමට පත්වීමෙන් පසුවත් එතුමා නම් අත් හැරියේ නැත. හැම පෝදිනකම රජමැදුරේ දම් දෙසුමකි. ඒ අමා ගග ලංකාව පුරා මාධ්‍ය මගින් විසුරුවා හැරීම මගින් එතුමන් ධර්ම දානයකට ද සහභාගී වෙයි.
මර්වින් සිල්වාගෙන් තම ඇට මිරිකාගත් කොළොන්නාවේ සුමංගල හිමියන් අද රජගෙදර දම් දෙසුවේ ඒ ධර්ම දේශනා මාලාවේම කොටසක් ලෙස ය.
සුමංගල හිමියන් කීවේ රටේ රජකම හිමිවන්නේ මතු බුදුවන බෝධිසත්ත්වයින්ට බව ය. තමන්ගේ පියා මැරෑ කාශ්‍යපයන් ද ඒ අනුව මතු බුදුවන බෝධිසත්ත්වයෙක් වෙයි. හොර සැමියන්ගෙන් සෑහිමකට පත්වන්නට බැරිව එකෙකු පස්සේ අනෙකා නසා වාර්ථා තැබු අනුලා රැජින ද අතදරුවෙකු වංගෙඩියක දමා කෙටවූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ද මතු බුදු වෙයි.
ඒ කතාවෙන් පසු බුදුවෙන්නට තිබූ මගේ වුවමනාව හිරු දුටු කදෝ පැනියක් මෙන් නැතිව ගියේ ය. ඒකට නම් සුමංගල හිමියන් වගකිව යුතු නැත.
ඒ ශ්‍රී මුඛයෙන් දෙසු ධර්මයේ ඉතිරි කොටස් ද බොහෝ රසවත් ය. පින් බර ය.
මේ සියල්ල අවසානයේ එහිමියන් පින්වත් රජතුමා ඇතුළු ගුණවන්ත ඇමති මණ්ඩලයට ද සුභ පැතුවේ ය.
තමන්ගේ ඇට මිරිකූ මර්වින් සිල්වාත් ඉන්නා ඇමති මණ්ඩලයකට සුභ පැතීමෙන් එහිමියන් පළ කළේ ගුණවත් ස්වාමීන්වහන්සේ කෙනෙකුගෙන් පළවිය යුතු කුළුණු ගුණ ය. එහෙත් එවන් ඇමති මණ්ඩලයටම ඉදිරියටත් රට පැවරීමෙන් එතුමන් පළ කළේ කුමක් දැයි රජගෙදරට එකතු වූ අනෙක් සිල්වන්තයන් සමග එක්ව මමත් කල්පනා කරමින් සිටිමි.
එහිමියන් දුව දුව කඩේ ගොස් අවසානයේ නොකියා කීවේ මල්වතු හිමියන් එපා කී බෙනස් රථය දානයක් ලෙස දෙන්නේ නම් තමන් බාර ගැනිමට නොපැකිලෙන බව ය.
අප මේ කළේ ඒ සුමදුර දම් දෙසුම අසන්නට නොහැකිවූ පින්වතුන්ටත් එය ප්‍රචාරය කර ඉන් මහත් ඵල මහත් ආනිසංස ලබා දීම ය. බෙන්ස්රථයක් ඇතුළු බොහෝ ධර්ම පඩුරුවලින් ද සංග්‍රහ ලැබීමට ඉඩ ඇති නිසා මේ ධර්ම දානයේ ආනිශංස බොහෝ ය. දැන් අපත් සමග වැදගෙන මේ පාඨය කියා පින් අනුමෝදන් වෙන්න.
අපි ඔක්කොම රජවරු වී සියලු දෙනාටම මතු බුදුවන්නට ඉදිරියේදී වරම් ලැබේවා! ඒ සදහා තමන් රජකරන කාලය හැකිතාක් කෙටි කරන්නට රජවරුන්ට සිත් පහළ වේවා! අහම්භන්තෙ!
ඇබිත්තයා
December 31, 2009
කොළොන්නාවේ හාමුදුරුවන් පාර්ලිමේන්තුවේ මර්වින් සිල්වා කළ වැඩය නිසා දැන් ආරණ්‍යවාසීව වැඩ හිදියිග
ඔය දැන් ඉන්නේ ඩුප්ලිකේට් සුමංගල කෙනෙකි.
ම්ල් මාමා
December 31, 2009
සාදු සාදු සා…..දූ………………………………..
ෂූෂ්ති ගුණේ
December 31, 2009
අපොයි ෂෑර්, අපේ ජැක්සොං ඇන්තොනි, ෂෝමරත්න බාලෂූරිය මාත්තුරුත් බණ කියන එකේ ෂුමංගල ෂංග බොෂ් බණ කීවම මොකද?
දුකා
December 31, 2009
haoyi . . . siri sumangala haaaaaaandunnantath wechi deeee. .. .
තරිඳු
December 31, 2009
අනේ එයා මේ ලඟදී බුදු රැස් එහෙම පෙන්නුවේ නැද්ද ?
Hela urumaya
January 1, 2010
ane ammapa sumangalayata giya kala .issaranam meya apita budu hamuduruwo wage. eth politics walata avata passe mu pissek wela …
Deyyo sakki …
Budu saranai lankawe buddha sasaneta …
Rathnasena
January 1, 2010
HELA-URUME KARUMAKKARAYO. KOLONVE SUMANGALA HIMIYANE, OBLA GANA MINISSU PRASIDDIYE KIYANA BALU KATHA NISA VATH OBLATA HITHENNE NEDDA OYA BAUDDA DESAPALANAYEN IVATHVENNA, OYALATA NAMA VITHARAI KIYANNE, APITA PAU NODI DESAPALANEN( BAUDDA ) IVATHVENNA, AMILA HIMI GENA AI KATHA NETHTHE ? BUDU KAMIN ILLA ASUNADA ? SASANAYA KEVA .RATA KANA EUNTA PIRITH KIVVA . MEVA SAHAGAHANA , AVICHIYE YANA PAU VEDA. KAMAK NEHA HELA KARUMA HIMI VARUNTA THERUVAN SARANAI ! ! ! S F WINS ! ! ! ! ! AMILA HIMI NIDAHAS KARANU ..
Rathnasena
January 1, 2010
DAMBALA AMILA HIMI VAHAMA NIDAHA KARANU.
Kamal
January 1, 2010
Throw mud at anything even at ape hamudurwanta! How are you going to spend time after the 26Th. Hopefully these jobless jackasses will find work after 26th.
beyondframe
January 3, 2010
සුමංගල හාමුදුරුවන්ට සියලු රජවරු මතු බුදුකරවන්නට පුලුවන.
වැරදි ඒ ගැන කියන අපි ය.
එහිමියන්ට තමන්ට පෞද්ගලිකව අඩම්තේට්ටම් කළ මර්වින් සිල්වා ඇතුළු ඇමති මණ්ඩලය ගුණවත් යයි බොරු කියන්නට පුලුවන
ඒ බොරුව එසේ කී බවට අප ඇත්ත කී විට අප වැරදි ය.
මේ කවර ආකාරයේ බුදු දහමක් ද? මේක පුදුම බුද්ධාගමක් නෙවැ!