‘අපි කහිමු. රට හෙළමු’

Posted on December 30, 2009



‘අපි වවමු. රට නගමු’ වැඩ සටහන ද ක‍්‍රියාත්මක වී සෑහෙන කාලයකි. පොහොර සහනාධාරය ද ඒ යටතේ ලබා දුන්නෙකි.

එහෙත් දැන් හාල් ගිනි ගනන් ය.

‘අපි බිත්තර දමමු. රට නගමු’ වැඩ සටහනක් ක‍්‍රියාත්මක වූවා දැයි අපට නිච්චියක් නැත.

එහෙත් බිත්තර ද කුකුල් මස් ද හිග ය.

මෙ දෙවර්ගයම ආනයනය කිරිමට ආණ්ඩුවට සිදුව තිබෙ.

එය ද සැළැස්මක් ඇතිව නොවෙ. වෙළඳපොලේ මිල ගණන් ඉහළ යාම හේතු කොට ගෙන ජතපතිවරණයට එහි බලපෑම අවම කිරීම අරමුණු කරගෙන ය.

සැළසුමක් නැති ව මෙසේ හදිසියේ ගෙන්වන විට කොමිස් කාක්කන්ට ද රජමගුල් ය.

ඒ සියල්ලට වන්දි හා පොලිය සමග ගෙවන්නට වෙන්නේ මෙරට ජනතාව ට ය.

රටෙ ජන අපේක්ෂා මුදුන් පත් කර දෙනවා යයි කෑමොර දෙමින් තියෙන තුට්ටු දෙක වියදම් කරමින් මාස දෙකින් දෙකට මැතිවරණ තියමින් පිස්සු කෙළින්නාවූ ආණ්ඩුවකින් සැළසුම් බලාපොරොත්තුවන අප ගොනුන් ය.

මෙ යථාර්ථය සගවන්නට ආණ්ඩුවෙ ගෝල බාලයෝ වෙනත් සංග‍්‍රාමයක් දියත් කර තිබෙ. එහි සටන් පාඨය මෙසේ ය.

‘අපි කහිමු. රට හෙළමු’

එය ප‍්‍රමාණවත් නොවන ලකුණු දැන් පහළ වී ඇති බැවින් පෙට‍්‍රල් අඩු කරනු ලැබීය. ලහි ලහියේ ගෙන්වූ සහල් තොග සහ තමන්ගේ සගයින් විසින් සගවා ගෙන ඉන්නා හාල් තොග ද හෙට අනිද්දා වෙළද පොලට එනු ඇත. එහෙත් ගැටලුව ආණ්ඩුව බලාපොරොත්තුවන වෙගයෙන් ඒවා නොපැමීණිම ය. සහන මල්ල සොයා ගිය සියදෝරිස් කළුනික ටිකක් පමණක් රැගෙන පැමිණෙන්නේ ඒ නිසා ය.

“එතෙක් අපි දිගටම කහිමු” ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට පොරොන්දු වී තිබෙ.

එහෙත් දේශපේ‍්‍රමීන්ගේ ගැටලුව වී ඇත්තේ කහින්නාවූ මෙම කැස්ස උතුරා යමින් තිබෙන ජන ගග නවත්වන්නට ප‍්‍රමාණවත් ද යන්න ය.

Posted in: Uncategorized