දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගැනීම ගැන ප්රීති වෙන අපේ පාඨකයෙක් අපට ලියා එවා තිබුනේ තමන් නීතියට උඩින් ඉන්නේ යයි සිතන භික්ෂූන් වහන්සේලා ට රජතුමා හොඳ පාඩමක් උගන්වා ඇති බවත් සියලු පූජකයින්ට වඩා බෞද්ධ භික්ෂුන් වහන්සේලා දූෂිත නිසා මෙය අගය කළ යුතු මැදිහත් වීමක් බවත් ය.
මෙ ගැන අපේ ප්රතිචාරය දැක්වූ නමුත් සුදර්ශන නම් එම පාඨකයා මතුකළ කාරණයේ වැදගත් කම නිසාම එය බ්ලොග් සටහනක් ලෙස ද මෙසේ ගොනු කිරීමට සිතුවෙමු.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනත් පූජකයින්ට වඩා දූෂිත ය යන අදහස ගැන මම මුළුමනින් එකග නොවෙමි. පූජකයින් පොදුවෙ ගිහියන්ට වඩා දූෂිත ය. හේතුව ඔවුන් ලෝගුවට මුවා වී ලබන රැකවරණයයි.
පූජක ලෝගුවට වඩා සිවුරට මුවා වීම පහසු බව ද ඒ අතරම මම පිළි ගනිමි. ඒ නිසා දූෂිත බවට වඩා පෙළඹීමෙ ඉඩ බෞද්ධ භික්ෂුවකට ලැබෙ. ඒ තාක් දුරට සුදර්ශනගේ මතය නිවැරදි ය.
ඒ නිසාම එවැනි දූෂිත භික්ෂුන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කිරීම පවා පහසු නැත.
එහෙත් දඹර අමිල හිමියන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම එය සිදුකළ පසුබිමත් සමග විමසන විට අපගේ සතුටට නොව කෝපයට හේතු වෙයි.
රූපවාහිනියේ දඹර අමිල හිමියන් සල්ලි ගත්තා යයි කියූ බොහෝ දෙනෙකු කීවෙ එ හිමියන් නොව හිමියන්ගේ රියැදුරු ගත්තාය කියා ය.
බොහෝ අල්ලස් ගන්නා අය තමන් කෙලින්ම නොගන්නා බව ඇත්ත ය. එහෙත් පැමිණිල්ල අනුව මුලින් අත්අඩංගුවට ගන්නට තිබුනේ රියැදුරා ය. එසේ නොකොට කෙළින්ම දඹර අමිල හිමියන් ගැනීමෙන් ආණ්ඩුව ප්රදර්ශනය කළේ නීතියට ඇති තමන්ගේ කැපවීම නොවෙ. බෞද්ධ භික්ෂුවක් වුව දූෂණයේ යෙදේ නම් තමන් තදින් ක්රියාත්මක වන බව නොවෙ.
උන් ඉන් පෙන්නුම් කළේ බෞද්ධ භික්ෂුවක් වුව අපට විරුද්ධ යන්නේ නම් හිරෙ විලංගුවෙ දැමීමට උන්ගේ ඇති සූදානම පමණ ය.
බෞද්ධ භික්ෂුවක් වුව තමන්ට විරුද්ධව යන්නේ නම් ඇට තලා ගන්නට සිදුවනු ඇතැයි මන්ත්රී මැරයා පාර්ලිමෙන්තු ව ඇතුළතදීම ඔප්පු කරාට පසු මෙ ඔප්පු කිරීම සිදුවූ බව සුදර්ශන වැනි අමතක වූවන්ගේ දැන ගැනීම සඳහා නැවත මතක් කරමු (කොලොන්නාවෙ සුමංගල හිමියන් ට දේශපාලනය එපා වී මැති සබයෙන් සමුගත්තේ ඉන් පසුව ය).
එයින් කියන්නේ තමන්ගේ බෞද්ධාගමට තියෙන කැපවීම තමන්ට කරන මදි පුංචිකමකින් අහෝසි වී යා හැකි අතිශය දුර්වල එකක් බව ආණ්ඩුව මොනවට ප්රදර්ශනය කරමින් ඉන්නා බව ය. ‘බෞද්ධකම’ හොරමැරකම් වැසීමට ආණ්ඩුව ද පාවිච්චි කරන නිකම් ම නිකම් කඩතුරාවක් බව ය.
හොරු හා තක්කඩියන් තම වංචාවන් වසා ගැනීමට සිවුර කඩතුරාවක් කරගන්නා තරමටම ආණ්ඩුව ද තමන්ගේ සියලු මැරකම් හා හොරකම් වසා ගැනීමට ‘සිංහල බෞද්ධ’ කම කඩතුරාවක් කරගෙන ඇති බව ය.
තමන්ට විරුද්ධව යන්නේ නම් ඒ මළ මගුල විසිකොට මර්දනයේ හස්ථය ස්වාමීන්වහන්සේ කෙනෙකුට එරෙහිව වුව හිරිකිතයක් නැතිව භාවිතා කිරීමට තමන් නොපැකිළෙන බව ය.
ems
December 29, 2009
රජතුමා හොඳ සිංහල බෞද්ධයෙක්.ඒත් එතුමාට දූෂණය පෙන්නන්න බෑ.මොකද එතුමා බොහොම සංවේදී නායකයෙක්.හැබැයි දුර දෘෂ්ඨික සංවේදී.ඒ කියන්නේ තමන්ට ළඟ ඉන්න අය මොන ආගමේ වුනත්,මොන ජාතියේ වුනත්,මොන මඟල්ක කළත් එතුමාගේ කෝණයට අහුවෙන්නේ නෑ.ඊට එහායින් ඉඳලා කළොත් බඩුම තමයි.
මෙයා මොකටද ජෙනරාල්ගෙ වේදිකාවලට නඟින්න ගියේ?නැත්නම් තාම අපූරුවට රජ මැදුරෙ “ලන්ච්” එක ගන්නවා.
දුකා
December 29, 2009
රජ තුමා යුද්ධේ නිමා කල නායකයා නිසා එතුමාගේ අසූචිත් සුවඳ ට දැනෙන මහජනතාවක් ඉන්න රටේ ඔය කමෙන්ට් එකත් මහ කජ්ජක්ද ආයිබෝං . . .
no_frames
December 29, 2009
@ ems
It’s ironical you talk with such compassion about bhikkus. All the time your blog was attacking bhikkus in every possible way. We cannot forget the “Dharmachakra” torturing method that was introduced by UNP government specially aimed at bhikkus. ems, you are a filthy, ugly arse licker of UNP. Every post in your blog shows it clearly.
@ beyondframe
I do agree with this. In any country the clergy of the majority religion are prone to more corruption. In SL it will be bhikkus, and in India it will be hindu priests and in Italy, it will be catholic priests, and blogosphere it will be ems.
no_frames
December 29, 2009
The last sentence about ems was tounge-in-cheek BTW
Kirimama
December 30, 2009
what ever the religion ‘church’ is corrrupted. this hasnothing to do with the religin or philosophy.
beyondframe
December 31, 2009
සුමංගල හිමියන් රජ මැදුරේ පෝදා ධර්මදේශනාව කරමින්අප දන්නා සියලු ධර්මයන් බොරු කරමින් බේගල් දෙසන හැටි දුටු සද පෙනී ගියේ ඉහත කතාවේ කිසියම් ඇත්තක් ලංකාව සම්බන්ධයෙන් නම් තිබිය හැකි බව ය.