ෆොන්සේකාගේ කාමර තුනේ නිවස හා රාජපක්ෂ පරපුරෙ මාලිගා

Posted on December 25, 2009



දූෂණය නැති කරමියි රජතුමා වහසි බස් දොඩයි. උන්දෑගේ වහසි බස් රෙද්ද අස්සෙන් බෙරෙන්නේ අල්ලස් හා දූෂණ කොමිසමෙ බල බිඳ දැමීමට හෙතෙම පුද්ගලිකවම දායක වූ බව ජනතාව දන්නා නිසා ය.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමෙ අධ්‍යක්ෂ ජනරාල් පියසේන රණසිංහ මහතා ඊට පත් කළේ 17 සංශෝධනය ක‍්‍රීයාත්මක වන්නට පොරොතුව ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විසිනි.

පියසේන රණසිංහ යනු සූරිය කන්ද මිනීවල ගොඩ දැමු කාලයේ ඇඹිලිපිටියේ මහේස්ත‍්‍රාත්වරයා ය. චන්ද‍්‍රිකා ඔහු පත් කරන්නට ඇත්තේ එජාප ආණ්ඩුව යටතේ වූ මිනීමැරීම් එලිකරලීමට උදව් වීම ඇය බලයට එන්නට හේතු සාධක වූනිසා ඊට කෘතගුණ සැළකීමට විය හැකි ය.

එහෙත් පත්කිරීමෙන් පසු ඇයවත් ඊට පසු කලෙක බලයට පත්වූ රනිල්වත් අප දන්නා තරමින් මෙම කොමිසමෙ වැඩවලට මැදිහත් වූ බවක් වාර්ථා නොවී ය.

එහෙත් මෙම කොමිසමෙ බලය බිඳීම සඳහා අධ්‍යක්ෂක ජනරාල් ඉවත් කිරීමෙ මෙහෙයුම මහින්ද රාජපක්ෂ විසින් කරන ලද්දකි. ජනාධිපති ට හැරෙන්නට ඒ තනතුර පිළිබඳව තීන්දු ගන්නට කාටවත් බැරි ය.

දැන් කොමිසම වැඩ කරන්නේ ඉවත්කිරීමට තිබෙන තර්ජනය ද අවබෝධ කරගත් අධ්‍යක්ෂ ජනරාල් වරියක් විසිනි.

දූෂණය වළක්වනවා යයි කියන්නේ මෙසේ දූෂණය මැඩීමට තිබූ එක ම කොමිසම බල විරහිත කළ පුද්ගලයා විසින් වීම ඉතිහාසයේ සරදම කි.

මිනිසුන් මැනිය යුත්තේ උන් දෙසා බාන කයිවාරු වලින් නොවෙ. උන්ගේ කෙරුවාවල් වලිනි.

සරත් ෆොන්සේකා ඉදි කර ඇති නිවස එතුමාගේ පිරිසිදු බව ගැන සංකේතයක් වන්නාසේම රාජපක්ෂ පරපුර විසින් ඉදිකර ඇති මාලිගා ද උන්ගේ පිරිසිදු බව උරගා බලන සංකේත ය.

සමහර ඒවා කොතෙක් උත්සහ කළ ද හංගන්නට බැරි ය. එහෙත් සමහරුන්ගේ ඇස් වක‍්‍ර ආකාරයකින් පොට්ටය. දකින දේ ද උන්ට පෙනෙන්නේ නැත.

Posted in: Uncategorized