සංවෙදී නායකයා සොයා ගැනීමෙ නොවරදින ක‍්‍රමය සුසන්තිකාට අහුවෙයි!

Posted on December 21, 2009



සුසන්තිකා ද මහින්දගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආරාධනයක් ලැබෙතොත් දේශපාලනයට එක්වීමට තවත් පැහැදිලිව කියන්නේ නම් මැතිසබයට යෑමට කැමැත්ත පළ කර ඇත.

ලෝක ශූරයෙක් අහිමිවීම නිසා පසුතැවිල්ලට පත් පිලට තවත් ලෝක ශූරයෙක් එක්වීම මෙ තීරණාත්මක වෙලාවෙ හයියක් වන්නට පුලුවන. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන බව පැරණි ගැමියන් කීවෙ විහිලුවට නොවෙ. ඒ නිසා මෙ ආරංචිය පිළිබඳව දේශපේ‍්‍රමීන් හැටියට අපට ඉතා සතුටු ය.

නිකම් ම නිකම් එකෙක් නොව හොඳට දුවන්න පුලුවන් කෙනෙක් වීම නිසා අප වඩාත් සතුටු ය. ඊටත් වඩා සතුටු හදිස්සියකට එතුමියට අපවත් කර තබා ගෙන වුව දුවන්නට ශක්තියක් තිබීම නිසා ය.

ඇත්තටම අවශ්‍ය නම් අර්ජුනගෙන් හිස්වූ කොට්ටෙ ආසන සංවිධායක පදවිය එතුමියට බාර දිය හැකි ය.

අතිශයින් වාසනාවන්ත මෙ හදිසි ප‍්‍රවෙශයට හේතුව වී ඇත්තේ ද ජනාධිපති තුමා ය.

සුසන්තිකාම කියන පරිදි තමන්ගේ දෙමාපියන් සොයුරු සොයුරියන් හිතමිතුරන් පවුලේ උදවිය යන සියල්ලට පළමු තමන්ගේ උපන් දිනයට පාන්දරින් සුභපැතුම් පණිවුඩය අරන්ආවෙ ජනාධිපති තුමා ය.

ඉතින් සුසන්තිකාට අනුව එයින් පෙනී යන්නේ එතුමන් සංවෙදී නායකයෙකු බව ය.

සංවෙදී නායකයාට අපගේ කැමැත්ත පළ කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටින මොහොතේ ඒ කවරෙක්දැයි සිතා ගන්නට බැරිව සිටි සුසන්තිකාට මෙ සුභපැතුම නිසා එය ප‍්‍රත්‍යක්ෂ වී තිබෙ.

ඇත්තටම මගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 10 දාට ය. මෙ දවස්වල යෙදී තිබුනේ නම් සමහරවිට මටත් සංවෙදී නායකයා හොයා ගන්නට ඉඩ ලැබෙන්නේ ය. කාලකන්නි කමෙක මහත! ඒවාත් යෙදී ඇත්තේ අප්සැට් විදිහට ය!

අපට උරුම නැති ඒ වාසනාව ඔබට ගෙන ඒමට අප පැකිළෙන්නේ නැත.

කාගෙ කාගේත් උපන් දිනය හා දුරකථන අංකය අප වෙත දන්වා එවන්නේ නම් ජනාධිපති තුමාගේ ප‍්‍රයෝජනය සඳහා එය අපගේ බ්ලොග් අඩවියෙන් ප‍්‍රචාරය කරන්නට පුලුවන.

Advertisements
Posted in: Uncategorized