ඔය තරම්ම කියනවා නම් සංවෙදී නායකයාට චන්දය දිය හැකි ය. එහෙත් පොඩි පරහක් ඇත!

Posted on December 20, 2009



නලුවන් නිලියන් පෝලිමට ඇවිත් අපට කියන්නේ සංවෙදී නායකයාට චන්දය දෙන ලෙස ය.

ඇත්තටම ඔවුන් එසේ නොකිවුවොත් ඔවුන්ගේ ටෙලි නාට්‍ය බලන ජනතාව මොකකින් මොකක් කරාවිදැයි ඇති බය නිසා මෙසේ කියනවා වෙන්නට පුලුවන. ඇත්තටම තමන්ගේ පේ‍්‍රක්ෂකයින් ගැන එහෙම යථාර්තවාදී තක්සේරුවක් ඇති කර ගන තිබීමෙන්ම පෙනී යන්නේ මෙ නලු නිලියන් අප හිතනවාට වඩා බුද්ධිමත් බව ය.

ඊට අමතරව නලුනිලියන් බොහෝ දෙනෙක් හරි ස්වීට් ය. උන් දෙන්නැයි කී විට අපට දෙන්න ම සිතෙන්නේ ඒ නිසා ය.

ඇත්තටම මෙ නලුනිලි සැට් එක හිටියේ නැත්නම් අපි අනාථ ය. එහෙම වුනේ නම් කාට හෝ හාල්පාරුවෙකුට චන්දය දී අප ඇන ගන්නවා ය.

පුංචි පරහකට ඇත්තේ සංවෙදී නායකයා තෝරන එකේ ය.

ලංකාඊනිව්ස් වෙබ් අඩවියට ලියන ප‍්‍රගීත් එක්නැලිගොඩ ප‍්‍රශ්න කර සිටියේ දරුවන්ගේ පිටිකිරි ටිකටත් බදු අය කරන නායකයෙකු බබෙකු වඩා ගත් පමණින් සංවෙදී යැයි සැළකිය යුතු ද කියා ය. ඇත්තටම එය ලස්සන ලිපියකි. සංවෙදී නායකයා තේරීමෙ කටයුත්තේ දී අප වැටී ඇති අමාරුවෙ තරම තේරුම් ගැනීමට ඒ ලිපිය ඉවහල් වෙයි.

සංවෙදී බව මනින මිම්මක් තවම සොයා ගෙන නැත.

අපට මෙ නලු නිලියන් කියන කතාව එහෙමකට වැඩක් නැත්තේ ඒ නිසා ය.

මෙහෙම ඇහැව්වාට අමනාප වෙන්න එපා ය. කෙළින් අහවලාට දෙන්නැයි කියන්න බැරි හිරිකිත නිසා ද?

අහස පොළොව ගැටලා කල්පනා කළ ද ඊට උත්තර ලැබුනේ නැත. උත්තර නැති ප‍්‍රශ්න ඔබට යොමු කිරීම මගේ සිරිත ය.

Posted in: Uncategorized