නලුවන් නිලියන් පෝලිමට ඇවිත් අපට කියන්නේ සංවෙදී නායකයාට චන්දය දෙන ලෙස ය.
ඇත්තටම ඔවුන් එසේ නොකිවුවොත් ඔවුන්ගේ ටෙලි නාට්‍ය බලන ජනතාව මොකකින් මොකක් කරාවිදැයි ඇති බය නිසා මෙසේ කියනවා වෙන්නට පුලුවන. ඇත්තටම තමන්ගේ පේ්රක්ෂකයින් ගැන එහෙම යථාර්තවාදී තක්සේරුවක් ඇති කර ගන තිබීමෙන්ම පෙනී යන්නේ මෙ නලු නිලියන් අප හිතනවාට වඩා බුද්ධිමත් බව ය.
ඊට අමතරව නලුනිලියන් බොහෝ දෙනෙක් හරි ස්වීට් ය. උන් දෙන්නැයි කී විට අපට දෙන්න ම සිතෙන්නේ ඒ නිසා ය.
ඇත්තටම මෙ නලුනිලි සැට් එක හිටියේ නැත්නම් අපි අනාථ ය. එහෙම වුනේ නම් කාට හෝ හාල්පාරුවෙකුට චන්දය දී අප ඇන ගන්නවා ය.
පුංචි පරහකට ඇත්තේ සංවෙදී නායකයා තෝරන එකේ ය.
ලංකාඊනිව්ස් වෙබ් අඩවියට ලියන ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රශ්න කර සිටියේ දරුවන්ගේ පිටිකිරි ටිකටත් බදු අය කරන නායකයෙකු බබෙකු වඩා ගත් පමණින් සංවෙදී යැයි සැළකිය යුතු ද කියා ය. ඇත්තටම එය ලස්සන ලිපියකි. සංවෙදී නායකයා තේරීමෙ කටයුත්තේ දී අප වැටී ඇති අමාරුවෙ තරම තේරුම් ගැනීමට ඒ ලිපිය ඉවහල් වෙයි.
සංවෙදී බව මනින මිම්මක් තවම සොයා ගෙන නැත.
අපට මෙ නලු නිලියන් කියන කතාව එහෙමකට වැඩක් නැත්තේ ඒ නිසා ය.
මෙහෙම ඇහැව්වාට අමනාප වෙන්න එපා ය. කෙළින් අහවලාට දෙන්නැයි කියන්න බැරි හිරිකිත නිසා ද?
අහස පොළොව ගැටලා කල්පනා කළ ද ඊට උත්තර ලැබුනේ නැත. උත්තර නැති ප්‍රශ්න ඔබට යොමු කිරීම මගේ සිරිත ය.
ඡන්දදායකයා
December 20, 2009
මම නම් දැක්කේ ඒ ගොල්ල ගිරා පෝතකයො වගේ එකම දේ ලියා දීපු හැටියට කියවනවා වගේ. ඔකිකොම ැන්තිමට එක අතක් මිට මොලවල කියා දීපු විධියටම ‘මව්බිම’ දිනවමු කියලත් කියනවා.
අනේ ඇත්තටම මේ අය රූකඩ වෙලා ඉන්න හැටි!
පුරවැසියෙක්
December 20, 2009
මම හිතන ආකාරයට තම දරුවන් ගැන වැඩිපුරම හිතන තැනැත්තා වඩාත්ම සංවේදී පුද්ගලයාය. 😀
noname
December 20, 2009
හිහිහි… අනිවා 😛
shan
December 20, 2009
sanweadii naayakaya kawda kiyala eyalatath hithaa ganna bariwayi inne. ane apw
කඩප්පුලියා
December 20, 2009
2009 දෙසැම්බර් 20 දින සිරස රාත්‍රි 11 ප්‍රවෘති වලින් පෙනි සිටිය පුද්ගලික බස් සංගම් ලොක්කා කිව්වා ඔවුන්ගේ සංගමයේ කිසිම බස් එකක කිසිම අපේක්ෂකයෙක්ගේ පොස්ටරයක් හෝ ස්ටිකරයක් ප්‍රදර්ශනය නොකරන බව,ඒ ඔවුන් කටවත් කඩේ යන්න අකමැති නිසාත් ජනයාට තමන්ගේ ඡන්දයට බලපැම් කිරිමට ඔවුන් අකමැති නිසාත් බව.ඒකටත් එක්ක ඊයේ පෙරේදා දැක්ක කලා කාරයන් යැයි කියාගන්නා සහ කලාව බිස්නස් එකක් කරගත් පෙරේත් කමට ඕනැම කුණු ගඳ ගහන වැඩක් කරන බුවාලා ටික සෙට් වෙලා තාත්තට හෙටක් හැදිමට දත කන කුමාරයාගේ හෙට වෙනුවෙන් කඩේ යන හටි දැක්කම අපි දොස් කියන ප්‍රයිවට් බස් කට්ටිය “ඉන්දියන් සාගරයේ අමුතු ඇටේට”ආඩම්බරයක්.
Confused
December 21, 2009
හිනායන දේ තමයි කමල් අද්දරආරච්චිත් මවිබිම දිනවමු ඇඩ් එකට හිටියා.
ඒත් සති අන්ත පුවත්පතක තිබුනේ එයා ‘ජනාධිපතිවරකේ හදන හැටි’ කියන වාර්තා චිත්‍රපටිය ජෙනරාල් වෙනුවෙන් අධ්‍යක්ෂණය කළ බවයි.
මේ දෙක එකට හාමුසු වෙන්නේ කොහොමද කියල තේරුම් ගන්න අමාරුයි.
beyondframe
December 21, 2009
එහෙමකට අවුලක් මෙතැන නැහැ. දෙකම බිස්නස්!
පුරවැසියෙක්
December 21, 2009
ඉතිං දැං එයා ආවත් මෙයා ආවත් කවුරු ආවත් කමල් ගොඩ ! 😀
මම මචන්
December 21, 2009
සහතික ඇත්ත. “තාත්තට හෙටක්” තමයි ඒක. සංවිධානය තාරුණ්‍යයට හෙටක් නම් දාන්න ඕන තරුණයන්ගෙ ආකල්ප වලට කතා කරණ ඇඩ්.
පුරවැසියෙක්
December 21, 2009
පැහැදිලියිනේ…
තාත්තට හෙටක් හැදුනොත් තමා පුතාට හෙටක් හැදෙන්නේ.
තාත්තටයි පුතාටයි දෙන්නටම හෙටක් හැදුනොත් තමා එයාලට අනිත් අයට හෙටක් හදන්න පුලුවන් වෙන්නේ.
ඉතිං තාත්තට හෙටක් හැදීම අත්‍යාවශ්‍ය දෙයක්.
ම්ල් මාමා
December 21, 2009
හොදට අයිත් අහලා බලන්න. කට්ටියක් කියනවා සංවේදී නායකයාට ඡන්දේ දෙන්න කියලා. තව කට්ටියක් කියනවා සංවේදී නායකයෙකුට ඡන්දේ දෙන්න කියලා. කමල් අද්දර ආරච්චි කියන්නේ වෙනම කථාවක්.
no_frames
December 21, 2009
kattiyak pal hali walin blog purawanawa
ModayaataPaharak
December 23, 2009
Hariyata Mahinda amathi mandalaya purawanawa wage neda?? 😛 😛 😛