තේරෙන්නෙම නැත්නම් හොඳවැයින් තේ ටිකක් බීහං!

Posted on December 18, 2009



කාට හරි ආරාධනා කරල කන්න ටිකක් දෙන එක අපෙ ගැමි සම්ප‍්‍රදාය. ඒකට ඇයි මෙතරම් දෝස?

ජනතාවගෙ බදු සල්ලිවලින් මෙහෙම කන්න දෙන එක වැරදි යි.

ඔන්න වලිගෙ පාග ගෙන. මෙ කන්න දෙන්නෙ ආණ්ඩුවෙ සල්ලිවලින් නෙවෙයි.

ඒකත් ඇත්තයි කියමුකො. ඒත් ප‍්‍රශ්නයක් ඉතිරිවෙනව. ඒ සල්ලි කාගෙ ද?  පරම්පරාවටම හම්බු කරපු දේවල්වලින් යොදාගන්න සොච්චමක් ද? එහෙම නම් ඒ සල්ලි හම්බු කරපු හැටි දැනගන්න ජනතාවටත් අයිතියක් තියෙනව.

පිස්සු ද? ඒ එතුමාගෙ සල්ලි නෙවෙයි. එතුමා පිච්චියක්වත් තරමට අරන් නැහැ. එතුමා හොරෙක් නොවෙයි.

හරි. දානපතියො සල්ලි දෙනවමයි කියමුකො. කවුද ඒ දානපතියො? උන් සල්ලි දෙන්නෙ අතේ හිරි ඇර ගන්න ද? ඒවට වන්දිත් එක්ක ගෙවන්න වෙන්නෙ ජනතාවට ම ද?

අයියෝ ඇයි මෙතරම් සැක?  මෙන්න මෙහෙ වරෙන්, උඹත් මෙ ගලා යන දොල පාරෙන් සප්පායම් වෙල, ගෙදර ගිහින් අයිටීඑන් එක බලල නිදා ගනින්!

අයිටීඑන් එක බලන්නෙ අහවල් දේකට ද?

අන්න හරි. දැන් කන්න ලෑස්තියි නෙ? එහෙම තමයි ඉන්න ඔන. ඔය ප‍්‍රශ්නෙටත් උත්තරයක් දීලම ඉන්නම් කො. ඇත්තටම රට සංවර්ධනය වෙමින් තියෙන නිසාත් නිදහස උදාවෙල තියෙන නිසාත් මෙහෙම ටිකක් සල්ලි හෙලෙව්වට කමක් නැහැ කියල එතකොට උඹට ම තේරෙයි. තේරෙන්නෙම නැත්නම් ඉතින් හොඳවැයින් තේ ටිකක් බීහං!

දන්සැලේ තේත් දෙනව ද?

ඔන්න දැන් තමයි උඹ තේරුමක් ඇති ප‍්‍රශ්නයක් ඇහැව්වෙ. ඉස්සෙල්ල අහපු ප‍්‍රශ්න ඔක්කොම ගොන් ප‍්‍රශ්න. දෙනවා බං දෙනව. ගිහිල්ල බලහංකො, හොඳ එකා වගේ!

මං නිකම් අල්ලසක් ගත්ත එකෙක් වගේ වෙයිද?

ආයිත් ගොන් ප්‍රශ්න අහනව. මිනිසුන්ට කන්න දෙන එක පැරණි වලව්වල තියෙන සම්ප්‍රදාය. කන්න නොදී වැඩක් අරගන්න එක අපට පුරු දු නෑ බං. දැන් මේ එරොප්පෙ ගිහිල්ල ඉගෙන ගත්ත එවුන්ට ඒක අරුමයක් වුනාට ඒව ගමේ වැදගත් චාරිත්‍ර. දැන් වරෙන් කන්න.

Posted in: Uncategorized