දවසේ ලොකුම විහිළුව

Posted on December 17, 2009



අසව්! අසව්! අසව්!

රට අස්ථාවර කරන්නේ ඇමති මණ්ඩලය 112 ට වැඩිකරන රජතුමා නොව ඊට එරෙහිව හීන් කෙදිරියක් නගන අප ය.

ඒ වටිනා තර්ක ඥානයට අනුව ඇත්තටම යුද්ධය දිනා දුන් නිසා කළ යුතුවන්නේ සද්ද නැතිව කරන සියලු ගොන්කම් බූරුවැඩ පිළිබඳ මුවින් නොබැන සිටීම ය.

රට ස්ථාවර පවත්වා ගෙන යාම සඳහා කොන්දේසියක් වනුයේ හෙටත් ඉහගෙන කෑමට අවස්ථාව දීම නම් එහෙව් රටක් ස්ථාවරව පවත්වා ගත යුත්තේ ඇයි?

ආණ්ඩුවෙ දහදුරා වැඩ ගැන කතා කරන අපෙන් එන්ජීඔ වලින් කීයක් ගන්නේ දැයි අහන්නට යන කාලය වියදම් කර මෙවැනි එන්ජීඔ කාරයින්ට ප‍්‍රශ්න අහන්න ඉඩ තියන්නේ ඇයි දැයි ආණ්ඩුවෙන් විමසීමට කොන්දක් ආණ්ඩු පාක්ෂිකයින්ට ඇත්නම් රට අස්ථාවර කරන්නට අප වැනි සොක්කන්ට පමණක් නොව ඊට වඩා බලවත් බටහිර අධිරාජ්‍යවාදීන්ට රනිල්ට හෝ සරත්ලාට පුලුවන් වන්නේ නැත.

රටෙ අභාග්‍ය දේශපේ‍්‍රමීන්ට එහෙම දෙයක් තේරුම් ගන්නට හැකි තරමෙ කුඩා මොළයක්වත් නැතිවීම ය.

Posted in: Uncategorized