සාගරයක් මැද අරුම රටක් ඇත!

Posted on December 16, 2009



දැරණියගල (වාරියපොල ලෙස කලින් සඳහන්ව තිබුනේ වැරදීමකිනි. ඒ ගැන සමාව) ප්‍රාදේශීය ලේකම් කපා කොටා තුවාල කළ මැරයන් ඇල්ලීමට පොලිස් කණ්ඩායම් තුනක්!

(ඒ මැරයන් නම් කවදාවත් අල්ලන මැරයන් නොවන බව ඉන් හොදින්ම පෙනේ)

තමාගේ කටවුට් ඉවත්කරන ලෙස ජනපති පොලිස්පතිතුමාට උපදෙස් දුන් බව පොලිස්පති කියයි!

(ඒ කටවුට් නම් ජනවාරි 26 දාට පෙර ගැලවෙන එකක් නැති බව දැන් ඉතා පැහැදිලි ය)

දන්සැල් දීම නීතිවිරෝධී බව ‍මැතිවරණ කොමසාරිස් ජනපතිට ලියා දන්වයි!

(එයින් පෙනෙන්නේ ඒ දන්සැල් නම් දැන්ම නවතින එකක් නැති බව ය)

සරත් ෆොන්සේකාට මඩ ගහන්න එපා යයි ජනපති රජයේ මාධ්‍යවලින් ඉල්ලයි

(ඒ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඒ මඩ ගැහීම නම් මේ මාස දෙකේදී ඉවර වෙන එකක් නැති බව ය)

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට දෙපැත්තෙන්ම දෙන පොරොන්දුවල ඉවරයක් නැත

(ඒවා ඊළග මැතිවරණයේ දීත් දීමට සුරක්ෂිතව ලග තබා ගනු ඇත)

ජනපතිවරණය අපක්ෂපාතව පවත්වන බවට මැතිවරණ කොමසාරිස් පොරොන්දු වෙයි

(එයින් කියන්නේ මෙ ජනපතිවරණය නම් එසේ පවත්වන්නේ නැති බව ය)

රණවිරුවන් වෙනුවෙන් පෝරකයට වුව යන බව ජනපති කියයි

(එයින් කියන්නේ රණවිරුවන් එහෙම තැනකට ගියත්………………………………………………..)

Posted in: Uncategorized