හමුදාභටයින් යාපනයේදී මිය යාම – අභූත ප‍්‍රවෘත්තියක් ද සාමාන්‍ය සිදුවීමක් ද

Posted on December 14, 2009



දෙවැනි දිනයටත් යාපනයේ හමුදා භටයෙකු මරා දමා ඇතැයි ටැමිල්නෙට් වෙබ් අඩවියේ සටහන් කර තිබිණි. එය සිය දිවි නසා ගැනීමක් විය හැකි යයි හමුදාව විශ්වාස කරන බව ද එහි සඳහන් වී තිබිණි

මෙය දකුණේ මාධ්‍යන්ට ප‍්‍රවෘත්තියක් නොවූයේ මෙය සිදුනොවූ එහෙත්ටැමිල්නෙට් කාරයින් විසින් ගොතන ලද අතේ රොලක් බව සිතන නිසා ද?

මෙය එවැනි ප‍්‍රවෘත්තීන් එලියට දැමීමට සුදුසු නැති සංවෙදී කාලයක් නිසා ද?

හමුදා භටයින් පහුගිය කාලයේ මියගිය ආකාරයට එක්කෙනෙක් දෙන්නෙක් මිය යාම එතරම් සැළකිය යුතු කාරණයක් නොවන නිසා ද?

හමුදාභටයින් කරින් බස්සවා දැන් පොළොවටම ඇද දමා තිබෙන නිසා ද?

උත්තරයක් දැනගෙනම ප‍්‍රවෘත්තිය පළකරන එක වඩා හොඳ යයි දැනී ගිය නිසා ද?

මෙම ප‍්‍රශ්න අප නගන්නේ ආණ්ඩුවෙන් පමණක් නොවෙ. මාධ්‍යවෙදීන්ගෙනුත් එක්ක ය.

උත්තර දන්නා කෙනෙක් වෙතොත් ලියා එවන්න.

යුද්ධයේ අවසන් සමයේ යටත්වීමට සුදු කොඩි ඔසවා ගෙන ආ එල්ටීටී නායකයින්ට සිදුවූයේ කුමක් දැයි සොයන තරමටම වැදගත් කමක් මේ යුද්ධය අවසන් වී ඇති මොහොතේ මිය යන හමුදාභටයින්ට සිදුවන්නේ කුමක්දැයි ‍ෙසවී‍මට ද දිය යුතු නැති ද?

Advertisements
Posted in: Uncategorized