හෙල උරුමය තම මතට තිත ප‍්‍රතිපත්තිය පැහැදිලි කරයි

Posted on December 11, 2009



මත්පැන් බීම වැරදි නැත. මත්පැනින් සංග‍්‍රහ කිරීම ද වැරදි නැත. එහෙත් මත්පැන් බීම කුළුගැන්වීම වැරදි ය.

මෙම ප‍්‍රකාශය කර ඇත්තේ චම්පික රණවක ය. ඒ චක‍්‍රවර්තී හිමියන් බේරා ගැනීමට දියත් කළ මෙහෙයුමක දී ය.

චක‍්‍රවර්ති හිමි සරත් ෆොන්සේකා මත්පැන් ටිකක් පානය කිරීම බරපතල වැරැද්දක් නොවෙ යයි කරන ලද ප‍්‍රකාශය පතුරු ගසමින් සිටියදී මාධ්‍ය වේදීන් එතුමාගෙන් ඇසුවේ රජතුමා මාධ්‍ය වෙදීන් රාජ භවනට කැඳවා මත්පැනින් සංග‍්‍රහ කිරීම හරිදැයි කියා ය.

මාධ්‍යවෙදීන් විසින් එහිමියන්ගෙන් කරන ලද විමසීම නිසා ඇති ව තිබූ ගාල ගෝට්ටිය සමතයකට පත් කරමින් චම්පක රණවක මහතා ඒ ප‍්‍රකාශය කර තිබේ.

මත්පැන් ඇත්තේ අපට බොන්න ය. ප‍්‍රසිද්ධියේ නොව හොරෙන් බොන්න ය. එය නරකක් වන්නේ අනෙකා බිව්වහම ය. එසේ බොන බව ප‍්‍රසිද්ධියේ කිවුවහම ය.

මත්පැන් ගැන පමණක් නොව බොහෝ දුරාචාර ගැන බොහෝ අය හිතන්නේත් මෙහෙම ය.

මත්පැන් නොබී ඉන්න එක හොඳය. ඒ ගැන අපගේ විවාදයක් නැත. එහෙත් මේ මතට තිත ව්‍යාපාරය ඒ සඳහා නොවෙ. ජනයාගේ හොඳ හිත දිනා ගැනීම  සඳහා ය. එයින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ය.

මතට තිත තියන්නට සැබෑ ඕනෑකමක් ඇති අය කයිවාරු නැතිවම එසේ කළ හැක්කේ කෙසේදැයි දනිති. ඒ අනුව තම වැඩ කරගෙන යති.

මතට තිත පිටට පෙනෙන්නට තියෙන අය මත් වී අනුන්ව ද මත් කර මතට තිත ගැන කයිවාරු කෙළති.

මර්වින් සිල්වා මහත්තයාගෙන් මතට තිත කතාවෙ ඇත්ත අසා දැන ගත හැකි ය. කවුරුත් කවුරුත් තිත් තියන හැටි ගැන ඇට්ටි හැලෙන කතාවක් එතුමා දෙනු නියත ය (දෙරණ රූපවාහිනිය සමග කලකට ඉහත කරන ලද සම්මුඛ පරීක්ෂණයකදී එතුමා මෙ ගැන ඇත්තම කීවේය).

අපට මත! උන්ට තිත!

Advertisements
Posted in: Uncategorized