අලියා නැති චන්දයක් කරන්නට බැරියයි කියා රනිල්ට බැණ එස්බී ශ‍්‍රීලනිපයට යයි

Posted on December 7, 2009



එස්බී ඉල්ලුවෙ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් පත් කර ගන්නට කියා ය. එහෙත් එතුමාගේ මෙම ඉල්ලීම විපක්ෂය සළකා බැලුවෙ නැත.

ඉතින් එතුමා කල්පනා කළේ එසේ වන්නට ඇත්තේ මහින්ද රජතුමා දිගටම බලයේ තබා ගැනීමට විපක්ෂයට වුවමනා නිසා බව ය. එහෙම වටපිටාවක විපක්ෂයේ සිට මහින්ද ශක්තිමත් කරනු වෙනුවට පක්ෂයට බැදී එතුමා ශක්තිමත් කළ යුතු බව එස්බීට හිතුනා වන්නට පුලුවන.

බැරි වෙලාවත් විපක්ෂයේ අපේක්ෂකයා වූවා නම් මහින්ද පතුරු ගහන එස්බී දැන් ඒ වෙනුවට ඒ සිහිනයට අකුල් හෙලු රනිල් පතුරු ගැහීමෙ යෙදෙයි.

ඇත්තටම එස්බී පැන්නේ හිතේ අමාරුවෙනි. ඒ හිතේ අමාරුව ඇතිව තිබුනේ කිසිදා අලියාගෙන් පිට තරග කොට නැති එජාපය මෙදා අලියාගෙන් පිට තරග කිරීමට තීරණය කර තිබූ නිසා ය.

ඒ කියන්නේ එජාපය කෙරෙහි ඇති සංවෙගයෙන්ම එස්බී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට බැදුනු බව ය.

ඇත්තටම මෙ ලංකාව ය.

ඒ නිසා ඊයේ එජාපයේ අලියා ගැන කැක්කුමකින් කතා කළ තැනැත්තාට අද එහි විරුද්ධවාදියාගේ කදවුරට කරණමක් ගසා වීරයෙක් විය හැකි ය.

වැඩෙ නරක නෑ නේ ද? රට මරු නේද?

Posted in: Uncategorized