අවලම්බය අනෙත් පැත්තට කැරකැවෙමින් තිබේ ද? ජනමාධ්‍යවේදීන්ට පහර දීම අපි හෙළා දකිමු.

Posted on December 6, 2009



මර්වින් ගැහැව්වාට පස්සේ රාජ්‍ය මාධ්‍යයකට ඔය ගැහුවාම ය. සිරසට සම්බන්ධ කෙනෙක් අප හා කීවේ සිරස කළාක් මෙන්ම උන් උන්ටම ගහගන්නට ඇතැයි කියා ය.

සමහරු කියන්නේ රාජ්‍ය මාධ්‍ය හැසිරෙන ආකාරයට ඔයින් බේරුවා ඇත කියා ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ ගැටුමේ නිහඩ වෘතයක් දරන්නේ ඇයි දැයි අසන්නේ මාධ්‍ය කාරයින්ට මදියි නොකියන්න ගහද්දී නිහඩව සිටි කට්ටියම ය.

ලංකාවේ සිදුවන ආශික් වැඩ අතර මෙයද තවත් ආශික් වැඩකි. ඒ සිද්ධියෙන් පසු දෙපාර්ශ‍වයේම හැසිරීම නිරීක්ෂණයෙන් ලද අදහසකි.

ඇත්තටම රාජ්‍ය මාධ්‍යවල උන් කරන්නේ ද රස්සාවකි. උන්ට වැඩි පඩි ලැබෙන්නේ ද වෙනත් වාසි ලැබෙන්නේද එය උපරිමයට කළොත් පමණ ය.

අප අනුයන දර්ශනයට අනුව උන් කොතරම් පහත් ලෙස තම රාජකාරිය කළ ද මාධ්‍ය නිදහස උදෙසා ඊට ඉඩ දිය යුතු ය. ඇත්තටම උන් නරියන් බව අප දැනගන්නේ උන්ට හූ කියන්නට ඉඩ ඇති වටපිටාවක පමණි.

ඒ නිසා මේ පහර දීම අපි හෙළා දකිමු.

ප්‍රකාශයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිමින් අප කියන්නේ තමන් කරන්නට යන දේ වෙනුවෙන් ක්‍රියාවෙන් ද විපක්ෂය පෙනී සිටිය යුතු බව ය. මෙවැනි දීන ආණ්ඩුවක් විස්ථාපනය කර තවත් දීන ආණ්ඩුවක් ලබා ගැනීමට අපේ උනන්දුවක් නැත.

මේ පහර දීම් වහාම ක්‍රියාත්මක ‍වන ලෙස නැවැත්විය යුතු ය. ඒ නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ පහර දීම අපි හෙළා දකිමු. මෙය හුදෙක් මිනිසුන්ගේ කෝපය ප්‍රකාශ කිරීමක් මිසක නායකයින්ගේ අනුදැනුම ඇතිව වූවක් නොවේ යයි විශ්වාස කිරීමට අප කැමති ය. හැබැයි දිගින් දිගටම මෙවන් දේ සිදුවුවහොත් එසේ සිතන්නට නොහැකි වෙයි. ඒ නිසා මේ තත්වය පාලනය කිරීමට ‍මහින්ද මෙන් රටට පෙනෙන්නට නොව සැබෑ වුවමනාවෙන්ම පියවරක් ගැනීම අවශ්‍ය ය. එසේ නොවුනහොත් මේ දීන ප්‍රහාරකයින්ට ‍එරෙහිව ද මේ අඩවිය සටන් වදිනු ඇත.

Advertisements
Posted in: Uncategorized