ගුවන්විදුලි පරිශ්‍රය දිගේ දණ ගාගෙන ගොස් එයින් සමුගත් හඩ්ඩා

Posted on December 2, 2009



හඩ්ඩා සිය ශ්‍රී මුඛයෙන් ජාතියට පොරොන්දුවක් දුන්නේ ය. ඒ රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙතොත් තමන් දණ ගාගෙනම ගුවන්විදුලියෙන් පිටවී ඉන් සමුගන්නා බව ය.

දණ ගාගෙනම පිටවීම කෙසේවතුදු අඩුවශයෙන් හඩ්ඩා ගුවන් විදුලියෙන් සමුගත්තේවත් නැත.

හඩ්ඩා මාධ්‍යවේදියෙකු නොව දේශපාලන කූජිතයෙක් බව ඔහු ඒ නයින් ලංකාවටම සැකයක් නොහිටින සේ ඔප්පු කර සිටියේ ය.

අපි දු අනාවැකි කියමු. එහෙත්ඒවා සපථ කොට නොකියමු. මන්ද ඒවා අප විසින් එළැඹ ගන්නා අනුමාන යයි අප දන්නා බැවිනි. අප නොදන්නා සාධකයක් එළියට පැන ඒවා නිශ්ප්‍රභා කිරීමේ ඉඩකඩ ඇති බැවිනි.

එහෙත් හඩ්ඩා බොහෝ දේ දන්නේ සක් සුදක් සේ ය. තමන්ට වැරදෙතැයි කිසිදු සැකයක් මේ පුගුලාට නැත.

දණ ‍ගාගෙන පිටවෙමැයි කීවේ එසේ කරන්නට සිතා නොවේ. අපට ඒත්තු ගන්වන්නට ය. ඉතා කෙටි මතකයක් ඇති ජනතාව මේ බොරුව එලිවීමෙන් පසු ද තමන් සපථ කළ කී දෑ නොකිරීමෙන් පසු ද වගේ වගක් නැතිව තමන්ගේ කුණු කතාවලට හෙටත් සවන් දෙන බව ඔහු දනී.

එහෙව් වටපිටාවක දණ ගාන්නේ මක්කට ද?

තනතුරක් පිදේනි තට්ටුවක් දෙන්නේ නම් දණ ගාගෙන ගියාට කමක් නැත. ඔට්ටුවක් පැරදුන කල එසේ කළ යුතු යැයි කියන්නේ කව්ද?

හඩ්ඩා මේ පැරදුනේ පළමු ඔට්ටුවදැයි අපි නොදනිමු. එහෙත් ඉදිරියට ඔහුගේ බොහෝ ඔට්ටුවලින් ඔහු පරදින ලකුණු පහළ වී තිබේ.

Posted in: Uncategorized