ඉන්දුනීසියානු රජයට හිමිවන අපේ ආචාරය

Posted on October 21, 2009



පහත උපුටනය ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ පළව තිබූ ප‍්‍රවෘත්තියකිනි.

The Indonesian government would permit the boat carrying hundreds of Sri Lankan asylum seekers to Australia to come ashore in Western Java and would temporarily facilitate them for a humanitarian reason, Indonesian presidential spokesman Dino Patti Djalal said here Tuesday.

The spokesman told a press conference after a meeting of Indonesian President Susilo Bambang Yudhoyono and Australian Prime Minister Kevin Rudd at the State Palace that officials from Indonesia and Australia would hold a meeting in the next one or two weeks to find a strategy to solve the case and would bring it as a recommendation to the two leaders who will meet in APEC meetings in Singapore in November.

“For a humanitarian reason, the ship will be able to come ashore in Merak and the passengers on that boat will be temporarily accommodated in our territory. There is a sick child in the boat and the president is quite concern about the health and the fate of the sick child,” said Dino.

The spokesman said that Indonesia would also involve international officials to handle the people.

Over 255 Sri Lankan boat people have been stranded in waters off Sunda straits of Indonesia since last month and after that another group of 79 others still in international waters toward Merak waters of Banten province in Western Java of Indonesia. All of them headed to Australia.

එයින් කියවෙන්නේ ඔස්ටෙ‍්‍රලියාවෙ සංක‍්‍රමණය සදහා යමින් තිබී ඉන්දුනීසියානු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් සංක‍්‍රමණිකයින් මානුෂික හේතු මත ඉන්දුනීසියානු භූමිය තුළට තාවකාලික ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇති බවත් ඊට එක් හේතුවක් වූයේ රෝගීව සිටින කුඩා දරුවෙක් ඒ අතර සිටීම නිසා  බවත් ය.

රෝගීව සිටින එක් දරුවෙක් වෙනුවෙන් ගත් මෙම තීන්දුව පිළිබඳව අප ඉන්දුනීසියානු රජයට ස්තුති වන්ත විය යුතු ය. තමන්ගේ රටෙ දරුවන් ගැන රට්ටුන්ට නැති කැක්කුමක් ඉන්දුනීසියාවෙ රජයට ඇති වූයේ ඇයි ද යන ප‍්‍රශ්නය නොනගා මෙම මානුෂික තීන්දුව සම්බන්ධයෙන් ඉන්දුනීසියානු රජය අපගේ ගෞරවයට ලක් විය යුතු ය.

එක් දරුවෙක් නොව දරුවන් සිය ගණනින් රෝගීව හා තුවාල ලැබ සිටිය ද ඒ ගැන එතරම් තැකීමක් නැතිව තමන් ගත් තීන්දු එලෙසම සාධාරණීකරණය කරන පාලකයින් සිටින අපට මෙම සානුකම්පිතභාවය ඔරොත්තු නොදෙන සුළු ය. බ්ලොග් සටහනක් වෙන් කළේ ඒ වෙනස හදවතට කම්පනයක් ඇති කළ නිසා ය.

Posted in: Uncategorized