හඩ්ඩාට හා මහින්ද අබේසුන්දරට වැඩ වරදී

Posted on October 21, 2009



අනාගතයේදී අපට කණක් ඇහිලා ඉන්න පුලුවන් තත්වයක් උදාවෙනවා ය. ඒ ආණ්ඩුව මාධ්‍ය අරබයා ගන්නට ලක ලෑස්ති අලුත්ම තීන්දුව නිසා ය. ඒ ආණ්ඩුවත් “‘වෙනත්” පාර්ශවත් අතර මතභේද ඇති කරනු වස් වගකීමකින් තොර මාධ්‍ය භාවිතයේ නියැලෙන වෙබ් අඩවිද ඇතුළු සකළවිද මාධ්‍ය තහනම් කිරීමට නියමිත නිසා ය.

මුලින්ම තහනමට ලක්වනු ඇත්තේ හඩ්ඩාගේ ගුවන් විදුලියයි. ඊළගට මහින්ද අබේසුන්දරගේ ස්වාධීන රූපවාහිනියයි.

නැති විරසකයක් ඇතැයි පෙන්වන උත්සහයන් වැඩියෙන්ම ප්‍රචාරය කළේ එසේ විරසකයක් නැතැයි කියමින්ම මේ මාධ්‍ය පඩංගු දෙක ය.

උන්ට හොද වැඩේ ය. ආණ්ඩුවට තරහ කාරයන් බෝ වුනේ මුන්ගේ අලුගේත්තුරු වැඩ නිසා ය.

ඇමතිවරු ලවා සරත් ෆොන්සේකාට බැන්න වූයේ ද ඒවා උඩ පැන පැන පළ කළේ ද මේ පඩංගු ය.

විපක්ෂය භේද කළාට කමක් නැත. උන් එයිනුත් නොනැවතී දේශප්‍රේමී බලවේගත් දෙකඩ කරන තැනට වැඩ ක‍ළෝ ය. අපට මතක් වන්නේ මකස ජාතකයෝ මැස්සන් මැරීමට කඩුව වනා රජු මැරූ මෝඩ ආරක්ෂකයා ය.

මේ ඩබල විපක්ෂයේ මාධ්‍ය කන්තෝරුවකට පන්නා දැමීමට කටයුතු කළොත් වඩාත් හොද ය. බෙදන්නට තරම් ලොකු විපක්ෂයක් නැතත් තියෙන එක කොයිවෙලේ හෝ නැගිටින්නට පුලුවන් නිසා කම්බස් වන්නට දෙන්න ඕනෑ ය. ඒක කිරීම පැත්තකින් තබා සරත් ෆොන්සේකාට බැන්නවීමෙන් මුන් කළ වැඩේ නම් අජ පල් ය.

සමහර එන්ජීඕ කාරයෝ මෙයින් ජනමාධ්‍ය නිදහස දර්ශකයේ ශ්‍රී ලංකාව දැන් ඉන්නා 162 ස්ථානයෙනුත් පහළට වැටේ යයි කෑගහන්නට පුලුවන. ඔයිටත් වඩා පහළට වැටෙන්නට දෙයක් නැත. ජී ඇස් පී යට ද කෙළ වී ඇති මෙකල තවත් කෙළවෙන්නට දෙයක් අපට ඉතිරිව තිබේ ද?

මොකක් කර හෝ මේ දේශප්‍රේමී බලවේගවලට එකට සිටගන්නා පිළිවෙලක් සාදා ගත යුතු ය. ඒ නිසා ආණ්ඩුවේ තීරණය හරි ය.

Posted in: Uncategorized