GSP + අහිමිවීම – ආණ්ඩුවේ ඇමතිව‍රයෙකුගේ ඇසින්

Posted on October 20, 2009



ප්‍රීතියි! ප්‍රීතියි!  GSP+ ගැන ලැබුනු අලුත්ම ආරංචියෙන් උද්දාමයට පත්වුනු ආණ්ඩුවේ ඇමැත්තෙක් කෑගසමින් සිටියේ ය.

ඔය ඉන්නෙ පනින්න බලා ගෙන ඉන්න තවත් එකෙක්! කවුදෝ ඒ අසා කියනු දක්නට ලැබිණි. GSP + එකට කෙළවෙල තියෙන වෙලාවෙ නැත්නම් ඔහොමත් උඩ පැන ගෙන කෑගහවිද?

ඒත් ඇමැත්තාගේ ලගම ගෝලයාට මේ ප්‍රීතියේ ඇත්ත නැත්ත දැන ගැනීමට ඕනෑ විය. ඇමැත්තාගේ පනින බලාපොරොත්තුවක් තිබුනේ නැතැයි හොදින්ම දැන සිටියේ ඔහු ය.

ඒ නිසාම ගෝලයා ලංවී ඇමැත්තාගෙන් ඇහුවේ ඔය තරම් උඩ පනින්නට ලැබුණු ආරංචිය කුමක් ද යන්න ය.

සහනය අහෝසි වන්නේ අද හෙට නොවන බවත් තව මාස 6 කින් බවත් ඊට කලින් මැතිවරණ ටික තියා‍ගත්තොත් ගොඩ බවත් උඩ පනින ගමන් මේ ඇමැත්තා ගෝලයාට කීවේ ය.

GSP + කිව්වට ඔය අපට චන්දෙ දෙන එකකුටවත් තේරෙන්නේ නෑ බං. මොකෝ උඹටවත් ඕක හරියකට ‍‍ත්රෙනවද? හැබැයි බඩට වැදුනහම තේරෙනව. එහෙම වෙන්නේ තව මාස 6 කින් නම් එතකොට යකෝ අපි ගොඩ. අපේ වලිගෙවත් උන්ට අල්ලන්න බැරි වෙනව.

උන්ට කි‍ව්වෙ කාට ද ?

ජනතාවට බං, ජනතාවට.

ඕක දැනගෙන තමයි ඕන එකකට අපි ලෑස්තියි කියල ලොක්ක බය නැතුව එහෙනම් කියන්න ඇත්තේ!

ප්‍රීතියි! ප්‍රීතියි! ප්‍රීතියි!

Posted in: Uncategorized