විමල් අයියේ උඹටත් තියෙන්නේ වාසුදේව අංකල් කෙනෙක් වෙන්න ය!

Posted on October 17, 2009



වෙන කවුරුන් නැතත් දකුණු පළාත් සභා ප‍්‍රථිපල වලින් විමල් කලබල වී ඇතැයි පෙනෙයි.

ජනතාව ආණ්ඩුවට අනතුරු අගවා ඇතැයි ඔහු කියයි.

තමනුත් ජනතාවගේ පැත්තේ බව අඩු වශයෙන් ආණ්ඩුවට වඩා ජනතාවගේ පැත්තේ බව මෙයින් ඔහු අනියමින් අගවයි. ඇමතිවරු පෝලිමට හිටගෙන දකුණු පළාත් සභා චන්දයෙන් ආණ්ඩුවට රිදී නැතැයි කියද්දී ඊට හාත්පසින් වෙනස් කතාවක්, විපක්ෂයේ කතාවක්, ඔහු කියන්නේ ‍ඒ නිසා ය.

ආණ්ඩුව කඩා වැටුනොත් ඉන් වඩාත් අපහසුතාවයට පත්වන්නේ එය වසාගෙන සිටින මෙවැනි ඉහඳ  සත්ත්ව ගනයා ය. ඒ නිසාම විමල් ලා කලබල වීම හරි ය.

මිනිසුන් වැඩියෙන් ප‍්‍රතික්ෂේප කරන්නේද ඉහඳ තබන සත්ත්වයින් බව මැතිවරණ ප‍්‍රතිඵල වලින් විමල්ට වෙන කාටවත් වඩා හොඳින් පැහැදිලි වන්නට ඇත.

විමල් අයියෙ අනාථ නොවී ඉන්න විදිහක් කියා දෙන්න ද?

වාසුදේව අංකල් වගේ වුනා නම් හරි ය. එතකොට ආණ්ඩුවෙන් දෙන ඒවාත් අරගෙන ආණ්ඩුවෙ කුණු උඹ දැන් ඔය ගා ගන්නා තරමට ගා ගන්නේ නැතිව සිටිය හැකි ය.

මට දැනෙන හැටියට උඹ දැන් කරන්න හදන්නේ ඒක ය. පරක්කු වී නමුත් මොළේ පහළ වීම හොඳ ය.

තව පරක්කුවෙන්න කලින් සීගිරියත් බලා ගනින්. ආණ්ඩුවෙ වාහන වල තව කොපමණ කලක් යන්නට පුලුවන් වෙදැයි අප කාටවත් කියන්නට බැරි ය.

ජවිපෙ දෙකට කැඩෙනු ඇතැයි හිතුවෙ කවුද? දේශපේ‍්‍රමී බලවෙග සරත්පොන්සේකා ඉන්නා හරියෙන් වෙන් වෙතැයි සිතුවෙ කවුද?

අප ඉන්නේ ලංකාවෙ ය. එහි ඔනෑ දෙයක් සිදුවිය හැකි ය. ඒ නිසා කරගන්න දෙයක් ඉක්මණට කර ගන්න එක හොඳ ය.

පසු කලෙක විමල් වීරවංශ වූ අපගේ විමලසිරි ගම්ලත් සහෝදරයාට දිය හැකි එකම අවවාදය ඒක ය.

Posted in: Uncategorized