එහෙම බැලුවහම මහදැන මුත්තා වාසනාවන්ත ය

Posted on October 8, 2009



කාටවත් ඇහැරවන්නට එපා යයි කියා මර නින්දකට වැටුනු මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ හදිසියේ නින්දෙන් අවදිවී ඇත.

ඒ භයානක හීනයක් දැකීම නිසා ය. කටවුට් විලිස්සාගෙන සිය බොටුව මිරිකනවා ඒ හීනයයි.

එජනිසන්ධානයේ ප්‍රකාශකයෙක් කීවේ තව ටික දවසනෙ ඕකට නිදා ගන්නනෙ තිබුනෙ. මක්කට ඇහැරියා ද කියා ය.

කටවුට් ගලවන්නට මහ හයියෙන් පොලීසියට ගිගුරූ ජනාධිපතිගේ හඩටවත් අවදි නොවු එතුමා දැන් අවදිව ඇත්තේ මන්ද? මෙයද එ‍ජානිසේ කට්ටිය පමණක් නොව රටේ ජනතාව ද නගන ප්‍රශ්නයකි.

දැන් මේ හදිසියේ නිදි මරගාතේ කියන කතාවෙන් වන්නේ ජනාධිපති තුමා දැන් සතියකට පමණ උඩදී කටවුට් වහාම ඉවත්කරන ලෙස පොලිස්පති අමතා කළ ප්‍රකාශය තවදුරටත් විහිළුවට ලක්වීම ය.

එක ඇමතිවරයෙක් මේ කටවුට් සිද්ධිය ගැන ජනාධිපති නිකම් නෝන්ඩි වන කතාවක් කියා කට ගත්තා විතර ය. ඒ කටවුට් අයින් කරනවාට වඩා වැදගත් වැඩ පොලීසියට ඇතැයි කීමෙනි.

දැන් කොමසාරිස්වරයා කියන්නේ ඊට හපන් කතාවකි. රජතුමා කීවත් තවමත් අපේක්ෂකයෝ තියා පොලීසියවත් ඒවා ගලවා දමා නැති බව ය. එයිනුත් නෝන්ඩි වෙන්නේ අපේ රජතුමාම නොවේද?

අනේ අම්මප මේ මනුස්සය ඉතින් රජකම් කරන්නෙ මෙහෙව් ගෝල පිරිසක් එක්ක නේ ද? අනේ පව්! එහෙම බැලුවහම මහදැනමුත්තා තව වාසනාවන්ත ය.

Posted in: Uncategorized