ඇමතියා රජා මරලා!

Posted on October 3, 2009



නීතිවිරෝධි කටවුට් ඉවත්කරන ලෙස රජතුමා පොලිස්පතිතුමාට උපදෙස් දුන්නේ ය.

ජනමාධ්‍ය ඇමති ඒ උපදෙස් තුට්ටු දෙකකටවත් මායිම් නොකරමින් ඊයේ පෙරේදා පැවති පුවත් සාකච්ඡාවක කියා සිටියේ පොලීසියට කටවුට් ගලවනවාට වඩා වැදගත් වැඩ ඇති බව ය.

බලාගෙන ගියහම එවැනි දෙයක්වත් තේරුම් ගැනීමට තමන්ගේ නායකයා අපොහොසත් බව ජනමාධ්‍ය ඇමති ප්‍රියදර්ශන මහතාගේ අදහස බව එයින් පෙනී යන්නේ ය. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ නම් ගසා ඇත්තේ කණේ පාරකි.

ඒවුනාට ඕනෑකමකින් ගැහුවා යයි සිතන්නට ද බැරි ය. එ‍තුමාට එහෙම පිස්සුවක් නැත. ඇත්තටම රජතුමාට අපහාසයක් කිරීමට එතුමාගේ තුන් හිතකවත් තිබී නැත. මේ සිදුව ඇත්තේ බැරිවීමකි. මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට උත්තර දෙන්නට නොහැකිව ඇග බේරා ගන්නට ගත් උත්සහයේදී අතුල් පහරක් මෙන් බරපතල පහරක් වැදී තිබුනේ කටවුට් ඉවත් කරන්නට පොලිස්පතිට නියෝග දුන් රජතුමාටය. එය හිතාමතා කළ පහර දීමක් ලෙස සැළකීම වැරදි ය.

ඇත්තටම අප සිරාවට ගත්තාද රජතුමා දුන් ඒ උපදෙස් ද ලසන්ත වික්‍රමතුංග වැනි විරුද්ධවාදීන් ඝාතන අවස්ථාවන්හිදී පොලීසියට දුන්නා වැනි බොල් උපදෙස් වන්නට පුලුවන. ඒ බව හොදින්ම දන්නා නිසා ඒ උපදෙස් ජනමාධ්‍ය ඇමති සිරාවට නොගත්තා විය හැකි ය. ඒ නිසාම එහෙම එකක් ජනපති කිව්වා යයි අමතක වන්නට ඇති ය.

ඇත්තටම රටට එකක් ලෝකයට එකක් මාධ්‍යවේදීන්ට එකක් තමන්ගේ ඇමැත්තන්ට හෝ ගෝලබාලයින්ට තවත් එකක් ආදී වශයෙන් බොරු කියන විට කාට මොකක් කවුරු කොහේදී කීවාදැයි අමතකව යයි.

ඒ මොක වුනත් රජතුමාගේ කතාවට අතුල් පහරක් දෙන්නාක් වැනි කතාවක් කිරීම නම් වටින්නේ නැත.

රජතුමා අ‍රහෙම කියද්දී ඔබ මෙහෙම කිව්වහම වැඩේ සවුත්තු නේදැයි ජනමාධ්‍ය ඇමති යාපාගෙන් අසන්නට සමත් මාධ්‍යවේදීයෙක් එතැන ඉද නැත.  ඒ එවනැන්නක් වත් තේරෙන මාධ්‍යවේදීන් දැන් නැති නිසා වන්නට බැරිය. දැන් ඉතින් ඔය ලැබෙන සංග්‍රහයක් භුක්ති විදිනවා විනා ඕනෑ නැති ප්‍රශ්න අසා වකූර්වීමේ තේරුමක් නැතැයි මාධ්‍යවේදීනට සිතුනා වන්නට බැරි ද?

ජනතාව එකත් පස්ව ඉදගෙන සාදු කාර දෙද්දී නිකම් ඕනෑ නැති ප්‍රශ්න අසා පුක ඉරාගන්නේ මොන එහෙකට ද?

Posted in: Uncategorized