මුතුහෙට්ටිගම සහ අනර්කලී- මෙ දෙන්නාගෙන් කවුදැයි ලොකු?

Posted on September 23, 2009



එක් පැත්තකින් මර්වින්ට සමකරන්නට හැකි චණ්ඩියෙකි. අනෙත් පැත්තෙන් සුකුමාර තරුණියකි.

එක පැත්තකින් වැඩිහිටි සිංහල බෞද්ධ පිරිමියෙකි. අනෙත් පැත්තෙන් හරියට සිංහලවත් කතා කර ගත නොහැකි සංකර ගැහැණියෙකි.

එක පැත්තකින් ගමෙ පොරකි. අනෙත් පැත්තෙන් පැරෂුට් එකකින් ගෙනත් ගොඩ බෑ කතකි.

එක් පැත්තකින් රජතුමාට නෑකමක් ඇති තැනැත්තෙකි. අනෙත් පැත්තේ රජතුමාට ඔනෑකමක් ඇති තැනැත්තියකි.

එක පැත්තක ගමෙ නියෝජිතයෙකි. අනෙත් පැත්තේ ජාතික දේශපාලන නායකයෙකුගේ අපිරිමිත ආශිර්වාදය ලත් කෙනෙකි.

එක් පැත්තකින් මහා වගාඩම්බර කියන පෝරිසාදයෙකි. අනෙත් පැත්තේ අපේ අනුකම්පාව යදින යුවතියකි.

අවසානය කුමක් වෙද?

දන්නේ මෙ රට පාලනය කරන උරුමක්කාරයින් පොල්මක්කාරයින් පමණ ය.

අපට හිතෙන හැටියට අවසානයේ ඔප්පු වනු ඇත්තේ මුතුහෙට්ටිගම යනු නොම්බර එකේ බූරුවෙකු බව ය.

ඒ අනර්කලී අවිහිංසක නිසා නොවෙ ඇය කාන්තාවක් වුව ද ඇය සංකර වුව ද ඇය පැරෂුට් වුව ද ඇයට ආශිර්වාද ලැබෙන්නේ ඉහලින් බැවිනි. සමහර ඔනෑකම් නෑකම් ඉක්මවන බැවිනි.

මෙම වාර්ථාව උපුටා ගත්තේ ඩෙලිමිරර් වෙබ් අඩවියෙනි.

Muthuhettigama, who has been in the crux of controversy lately with his run-ins with fellow candidate, film star Anarkalli Aakarssha,  had made allegations against the police service, calling it  ‘corrupt’ and had also charged that he had been attacked by them near a bus terminal in Galle.

He had also made allegations against the Presidential Security Division, saying that he had been ‘attacked’ by sixteen jeeps attached to the PSD, that had come to the Udugama area last week.

මුතුහෙට්ටිගම මෝඩයෙකැයි කීවෙ මෙතරම් දේශපාලනය කරලාත් ඒ බව අවබෝධ කරගන්නට බැරිව ඇති නිසා ය (ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන 16 ක්තමන් වටලා පහර දුන්නේ ඇයි දැයි ඔහු නොදන්නා තරමට බබෙකු නිසා ය).

රජු පක්ෂපාත වන්නේ සංකර පැරෂුට් කතකට වුවද රජුට පක්ෂපාත හෝ නෑකමක් ඇති පලියට සිංහල බෞද්ධ ගමෙ බයියෙකුට ඊට එරෙහි වන්නට බැරි ය. ගම ගැන ලස්සන සිහින මැවෙන යුගයක වුව ද රජු පරදවන්නට ගමෙ බයියලාට බැරි ය.

(ඇමරිකාවෙත් එහෙම තමා ය. ඉතින් අපි එහෙම වුනාම මොකද?)

Posted in: Uncategorized