Wimaladasa Samarasinghe- ඔබෙන් තොර සංස්කෘතියක් ඉදිරියට තිබේවි ය. ඔබේ හිස්තැන තවත් හිස් ඔලුවකින් පුරවනු ලැබේ.

Posted on September 22, 2009



පුටුවෙන් වැටුනාට කවුරු හෝ දඩුවම් විදිය යුතු ය. අන්තිමේ ඒ සදහා පදවිය පූජා කරන්නට වූයේ සංස්කෘතික ලේකම්ට ය. පුටුවේ වගකීම ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයටයයි කීවත් ඒ අයට දඩුවම් දීමට  පමණක් නොව ඒ බව පෙන්වා දෙන්නට ද සංස්කෘතික අමාත්‍යංශයට බැරි ය. රජු උදහස් විය හැකි හෙයිනි.

විමලේ උඹ ඔයින් ගියා ඇති ය.

ඉස්සර කාලේ රජකෙනෙකුට ඔය වැඩේ උනේ නම් උඹට රස්සාව නැතිවී වැඩේ අවසන් වන්නේ නැත.

රජතුමා වටේ ඉන්නා කාට කාටත් ඕවා හොද පාඩම් ය. ලග ඉන්න කොට තමන්ටත් රාජ ඌෂ්ණයෙන් පොඩ්ඩක් විතර වැදෙන බව ඇත්ත ය. එහෙත් පොඩ්ඩ බැරිවුන දාට යන්න වෙන්නේ හොම්බෙන් ය. ලග ඉදලා දමලා ගිය අයට තර්ජනය වැඩි ය.

ඒ නිසා රජ ගෙදරට කිට්ටු වන හැමෝම කේන්දර බලා ගෙන එසේ කිරීම හොද ය.

සිළුමිණ පත්තරේම කියන පරිදි විදේශ ඇමතිතුමාට ලගදී ජනාධිපති‍ෙගන්ම සෝලියක් ආවේ ය. වැරදෙන විට කරගහන්නට පුලුවන් කම නුපුලුවන් කම බලා රජගෙදරට කිට්ටු වීම කේන්දර බලනවාට අමතරව කළ යුත්තකි.

හරි ගියහම ක්‍රෙඩිට් එක රජුට දීමටත් වැරදුනාම එය තනිව වැළදීමටත් සමත් අයට රජවාසල කොහොමටත් ඉල්ලුමක් තිබේ. රජකාලයේ පටන්ම එහි වැඩ එහෙම ය.

බොහෝ අය කියනා විදිහට ඇමරිකාවෙත් ඔහොම තමා ය (එහෙනම් ඉතින් මක්ක වෙනවද?).

Advertisements
Posted in: Uncategorized