අනර්කලීට මරණිය තර්ජන!

Posted on September 16, 2009



අනර්කලීට දේශපාලනඥයෙකු විසින් මරණීය තර්ජන එල්ල කර ඇතැයි සමහර මාධ්‍යය වාර්ථා කළ අතර සිරස කියා සිටියේ අනර්කලීට තර්ජනය කළ එජනිසං යේ අපේක්ෂ‍කයෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නියෝග කළ බව යි.

(මෑතක සිට බොහෝ මාධ්‍යවෙදීන් වර්ණ අන්ධතාවය නැමැති රෝගයෙන් පෙළේ. උන්ට දේශපාලනඥයාගේ පාට කියන්නට බැරි ය. මෑතක සිට බොහෝ මාධ්‍යවෙදීන්ට සමහර වචන වර නගන්නට ද බැරිව තිබෙ. ඒ අතර වැරදි කරන ආණ්ඩු පාක්ෂිකයින් ගේ නම් ගම් ද වෙයි.)

දේශපාලනඥයෙකු කිවුහම මුලින්ම හිතෙන්නේ එජාපයේ හෝ ජවිපෙ අයෙකු විසින් මේ මැතිවරණ සටනේ යෙදෙන ප්‍රතිවාදි පක්ෂයක කෙනෙකු බිය ගැන්වීමේ අදහසින් මෙය කරන්නට ඇති බව යි.

එහෙත් එජානිස අපේක්ෂකයෙකු කීවිට එසේ නොවන බව පෙනී යයි.

එහෙත් තවමත් පුද්ගලයා නිර්නාමික ය.

අනර්කලී වෙනුවෙන්වත් නොඇරෙන තරමට මාධ්‍ය බොහෝමයක කට ගොළු ය.

රජතුමා පුටුවෙන් වැටුනු බව නොකිව් මාධ්‍යවලින් ඊට එහා ගිය කොන්දක් පැතීම වැලි මිරිකා වතුර ගැනීමට කරන උත්සහයකට සමාන ය.

මේ රටේ බො‍හෝ ක්‍රියා සිදුවන්නේ කර්තෘ කෙනෙකු නැතිව ඉබේ ය. හරියට වහින වැස්ස වගේ ය. කර්තෘ කෙනෙක් මතුවන්නේ ඌ මව්බිමේ උරුමක්කාරයෙකු නොවූ විට ය. උරුමක්කාරයින්ට ඇගිල්ල දික්කිරීමෙන් අහිමිවන්නේ ඇගිල්ල පමණක් නොවේ. සමහර විට මුලු ජීවිතය මය. ඒ නිසා පෙන්වන්නට ඉදිරිපත් වන කෙනෙකුගෙන් වුව ද බලාපොරොත්තු විය යුත්තේ නහයෙන් පෙන්වන පෙන්විල්ලක් පමණකි.

අප ඒ තරමට අසරණ ය.

Posted in: Uncategorized