කබලෙන් ලිපට වැටෙන්නට අකමැති මිනිසුන් – කියන කොට එහෙම වුනාට කරන කොට මෙහෙමයි

Posted on September 13, 2009



කාලය කා දමන්නට සිදුවු දිනක අගෝස්තු 23 ඔබ්සර්වර් පත‍්‍රය උඩින් පල්ලෙන් බැලුවෙමි. මගේ ඇස් සොරා ගත් එක තාලයක දැන්වීම රැසක් එහි තිබිණි.

මුළු දැන්වීම ගණන 14 කි. ඒ හැම එකක්ම එක්කෝ මහා බි‍්‍රතාන්‍යයේ, කැනඩාවේ, ඔස්ටෙ‍්‍රලියාවේ නැත්නම් ඇමරිකාවේ පදිංචිය සදහා යෑමට උදව් දීමට සුදානම් ආයතන වලිනි. පිටරට අධ්‍යාපන අවස්ථා හැරුණුකොට වෙනත් කිසිම තනි කටයුත්තක් සදහා එතරම් විශාල දැන්වීම් තොගයක් පුවත්පතේ පළවී තිබුනේ නැත.

සෑහෙන පිරිසක් යන්නට සූදානම් වී ඇත්තේ අපට ගහන පර සුද්දන්ගේ රටවලට ය.

චීනයට, ලිබියාවට, ජෝර්දානයට, මියන්මාරයට හෝ අඩු වශයෙන් ඉරානයටවත් යාමට ලෑස්ති එකෙක් වත් නැත.

අපේ නෑදෑයින් අමතක කොට සතුරාගේ ඔඩොක්කුවට රිංගන මුන් සැබෑ දේශදෙ‍්‍රා්හීන් ය.

මට සල්ලි තිබුණා නම් දැන්වීමක් දමා බලන්නට පවා සිතක් පහළ වූයේ එහෙම මිත‍්‍ර රටකට පුරවැසිභාවය ගන්න කැමති මිනිසුන් ගාන බලන්න ය.

කබලෙන් ලිපට වැටෙන්නට මිනිසුන් අකමැතිවීම ගැන ඔයා ඔය තරම් පුදුම වන්නේ ඇයි දැයි පැවසුවේ මගේ ඇඹේනියයි. කියන කොට එහෙම වුනාට කරන කොට මෙහෙමයි කියල කතාවක් ඔයා අහල නැත්ද ඇය මට තවදුරටත් ඔලොක්කු කළා ය.

ඒ වෙනුවට වඩාත් ඉදිරියෙන්ම ඉන්නා දේශප්‍රේමීන් ඉන්නේත් මේ රටවලම නේද?

දේශප්‍රේමය හා දේශද්‍රෝහීත්වය කුමන අවස්ථාවක හෝ එකිනෙක පැටලී අප අන්දමන්ද කරමින් ඇත්තේ ය. දැන් කුමක් කරමු ද?

යා ගන්නට බැරි කොට! රට!

Posted in: Uncategorized