වැටකොටු නොගසා නොදරුවන් රැක ගන්නේ කෙසේද?

Posted on September 12, 2009



අවතැන් කදවුරුවල ඉන්නා ජනතාව ඔවුන්ගේ ගම්බිම් බලා යැවීමට ආණ්ඩුව කැමති වුවත් තවමත් බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු අවසන් කර නැති නිසා ඊට ඉඩකඩ නැතැයි ආණ්ඩුවේ ඇමතිවරු හා ප්‍රකාශකයින් කීවේ වරක් දෙවරක් නොවේ. ජනාධිපති තුමා මේ ඊයේ පෙරේදා ඉතාලි මාධ්‍යයක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව නැවත වතාවක් ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබිණි.

සමහර මෝඩ අයියලාට මේක තේරෙන්නේ නැත. විශේෂයෙන් ලංකාවේ බොහෝ දෙනෙකුට තේරෙන මේ සරල කාරණය ගැන පර සුද්දන්ට කිසි හැගීමක් නැත.

උන් හිතන්නේ අපේ ආණ්ඩුව ආසාවට සිය වැසියන් හිරකරගෙන සිටිනවා කියා ය.

ඒ නිසාම උන් ගොන් ප්‍රශ්න නගයි. ඇයි එහෙනම් කටු කම්බි ගහල යන්න නොදී හිරකරන් ඉන්නේ ඒත් ආදරේට ද?

හැබෑට මේ ගොබ්බයින් නොදන්නවාද ලංකාවේ ඉන්න තරමක් ඉන්නේ නොදරුවන් කියා, උතුරේද දකුණේද වෙනසක් නැතිවම!

අපේ නායකතුමාට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි තහනම් කරන්න සිද්ද වුනේ ද අපේ රටේ වැඩිහිටියන්ද නොදරුවන් නිසා ය.

පුංචි දරුවන් ඉන්නා ගෙවල්වල වැටවල් ගසා දරුවන් මහපාරට දුවන්නට ඉඩ නොදී රැක ගන්නේ නැති ද?

දරුවන්ගේ මානව හිමිකම් කියා වැටවල් ගැලවුවොත් කුමකින් කුමක් වෙයි ද?

නිකම් නොදැන දොඩන්න එපා යැයි අපි එසේ ප්‍රශ්න අහන අසම්මජාතීන්ට කියමු.

බිම් බෝම්බ ඉවත් කර අවසන් වන තෙක් පොඩ්ඩක් ඉවසන්නට බැරි ඇයි දැයි අපි පෙරලා උන්ගෙන් ප්‍රශ්න ද කරමු.

අපේ රටේ මිනිස්සු ගැන අපට වඩා කැක්කුම වෙන උන්ට තියෙන්නේ කොහොමද?

Posted in: Uncategorized