විජමුගේ නායකත්වයෙන් අපිත් සටනට එක්වෙමු! සුද්දන් භංග වේවා! අපි දිනේවා!

Posted on September 12, 2009



නිතර ජාතික ඇදුම අදින හෙළ හවුලේ සමාජිකයෙකු ද වන එතුමාගේ කතාව ද මහත්මයෙකු මෙන් ශාන්ත ය. හැසිරීම තැන්පත් ය.

හැම කෙනෙක්ම කාඩ්බෝඩ්වීර චරිත රග පාන මේ සමයේ එතුමාට ද වීරයෙක් වෙන්න සිතක් පහල වුනේ ය. ඒ ගැන එතුමාට කවුරුවත් එක එක ඒවා කියනවා එහෙම නෙවෙයි ය.

වීසා ප්‍රදානයේ අදි මදි කම් කරන මදි පුංචි කම් කරන විදේශ තනාපති කාර්යාලවලට එරෙහිව නැගී සිටිය යුතු බව එතුමාත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියේ ය.

අපටත් වඩා තැන්පත් වයෝවෘද්ධ මහත්මයෙකුටත් හිටිහැටියේ වීරයෙක් වන්නට අවශ්‍ය යැයි දැනුනේ කාලයේ හැටියට විය යුතු ය. එවන් වතාවරණයක අප පමණක් තැන්පත්වන්නට කල්පනා කිරීම තේරුමක් නැත. නිකම් නොන්ජල් වන නිසා ය.

මේ විරෝධය දක්වන්න එතුමා කියන තැනකට එන්නට අප සූදානම් ය. ගෙනා යුත්තේ පොලු මුගුරු ද ඩප්පි ද ගල්කටස් ද යන්න පමණක් කීවොත් ඇති ය. මොන මුරකාවල් තිබුනත් ඒ බාධක බිද ඒ විරෝධය පෑමට නම් අප එන්නට සූදානම් ය. ඔබතුමාගේ නායකත්වයෙන් කරන එකකට මොන පාක්ෂිකයෙක්වත් විරුද්ධ වන එකක් නැත.

අපේ ලොක්කන්නට දාන පොලු මුන් ලගදී අපටත් දාන්න පුලුවන් ය. කන්න නැති වුනත් ඔහොම රටක හුලගවත් වැදී එන්නට හැකිනම් වටින්නේ ය. ගොඩක් අය යන්නේ ඒ නිසා ය. ඇත්තටම කියනවා නම් සිංහල දේශප්‍රේමීන් පමණක් නොව දෙමළ දේශප්‍රේමීන් ද වැඩිපුර ඉන්නේ ඔය කියන රටවල ය.

එහෙව් එකේ අපට එන්නට එපා යයි තහංචි දාන්නට උන් කවුද?

විජමු කියනවාක් මෙන් මේක ලෙහෙසියෙන් අරින්නට හොද නැත.

Posted in: Uncategorized