GSP+ බේරා ගැනී‍ෙම් සටනේ පාලිත කොහොන ඉදිරියෙන්!

Posted on September 11, 2009



අපේ හිටපු විදේශ ලේකම් තුමා යුරෝපා සංගමයට පොඩි අවවාදයක් කර තිබිණි. ඒ හෙට අනිද්දා නැතිවීමට නියමිත ජී ඇස් පී සම්බන්ධයෙනි.

එතුමා කියා සිටියේ අතීතය අමතක කොට අනාගතය දෙස බලා ජීඇස්පී + සහනය ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය කටයුතු කළ යුතු බව ය.

තවදුරටත් කළ වැරදි වහන්නට බැරිනම් ඉතිරිව ඇත්තේ ඒවා අමතක කරන ලෙස ඉල්ලීම ය. ඒ අතින් එතුමා තමන් වැරදි කර නැතැයි ලෝකයා ඉදිරියේ තවමත් වගාඩම්බර පාන අයට ආදර්ශයකි.

එහෙත් අතීතය අමතක කරන්නට ඉල්ලා සිටින අය අතීතයේ කළ වැරදි නොකරන බව ඒවා හදාගන්නට අවංක උත්සහයක් කරන බව පෙන්විය යුතු ය. එහෙම එකක් අපට නම් පෙනෙන්නට නැත.

ඒ අවබෝධය එතුමාට නොතිබිණි ද?

එහෙත් ඒ ගැන තමන්ට කළ හැකි දෙයක් නැති නිසා කළ හැකි එකම දේ තෝරාගත්තා ද යන්න අපි නොදනිමු.

හැබැයි එකක් නම් දැනේ. එන පොට හොද නැත. බඩ තද කර ගැනීමට පටි හොයා ගැනීමට වහ වහා කටයුතු කළ යුතු ය.

දැන්නම් තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගේ පිහිට අපට අවශ්‍ය වන වේලාව ය. හැංගිලා ඉන්න තැනකින් එලියට වඩින ලෙස ඔවුන්ටවත් ආරාධනා කරමු.

Posted in: Uncategorized