පොලිස් අත්අඩංගුවේ මිය යන්නෝ පව් කාරයෝය!

Posted on September 11, 2009



රජතුමා රාජ්‍ය විචාර කළ කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී මියගිය අයගේ ගණන 91 ක් බව ද පසුගිය වසරේ දී පමණක් එසේ මිය ගොස් ඇති ගණන 32 ක් බව ද පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ආණ්ඩුවෙන්ම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවලින් කියැවිණි.

(මෙයට සුදුවෑන්වලින් උස්සාගෙන ගොස් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ මරා දමන ලද අය අයත් නොවේ. සුදුවැන්වලින් ගෙනයන සමහරු තමන් ගෙනගියේ පොලීසියට බව කියතත් සියලු සුදුවෑන් පොලීසියේ නොවන බව කියවන්නා තේරුම්ගත යුතු ය.)

මෙයින් පෙනී යන්නේ

  • පොලීසිය අත්අඩංගුවට ගන්නේ ලෙඩ්ඩුන් බව ය.
  • රටේ සියලු හොරමැරකම් කරන්නේ පොලීසියෙන් එල්ලවන පුංචි පහරක් වත් දරා ගත නොහැකි අහිංසකයින් බව ය.
  • අන් අයට මෙන් නොව මිනීමරන්නට පොලීසියට ලයිසන් ඇති බව ය.
  • රට තුළ නීතිය අඩුවෙන්ම ක්‍රියාත්මක වන්නේ පොලීසිය තුළ බව ය.
  • මැරෙන්නට යන බව දන්නා මිනිසුන් විහින් පොලිස් අත්අඩංගුවට පත් වී පොලීසිය හා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට කටයුතු කරන බව ය.
  • මිනිසුන් දස දහස් ගණනින් මියයන රටක මිනිසුන් අනූවකුත් මහකජ්ජක්ද යන බව ය.
  • පවුල් අනූ එකකට රජගෙදරට කැදවීම් ලැබෙන්නට ඇති බව ය. ඒ සියල්ලන් රටට පහළවූ ඒ පිවිතුරු දෑතින් දහසින් බැදි පියලි ලබා ගන්නට වාසනාවන්ත වෙන්නට ඇති බව ය.
  • අනු එකක් මියගිය රටක ඒ පිළිබදව වගකීමක් දැරීමට පොලීසියට සිදුනොවීමේ හාස්කම සොයා දැනගන්නට විදෙස් රටවලින් පොලිස් නිලධාරීන් පැමිණිය හැකි නිසා සංචාරක කර්මාන්තය දියුණු වීමට ඉඩ ඇති බව ය.
  • අවතැන් කදවුරුවල හමුදා ආරක්ෂාව මධ්‍යයේ හිටියත් පොලීසියේ සුවිශේෂි ආරක්ෂාව යටතේ හිටියත් කොයි කොදෙව්වක සැගවී සිටියත් මරුවාගෙන් වසන් වන්නට කාටවත් බැරි බව ය. කරුමය කොහේ හිටියත් තමන් හඹා ගෙන එන බව ය.
Posted in: Uncategorized