GSP + නැතිවන ලකුණු – ඊළගට කුමක් ද?

Posted on September 3, 2009



හොරා ගෙට රිංගන්නට කලින් මුට්ටියක් ඇතුළු කර බලන්නේ ය.

GSP + බදු සහනය අහෝසි වීමට ඉඩකඩක් ඇතැයි අදාළ අමාත්‍යංශයේ ස්ථිර ලේකම් වරයා විසින් ප්‍රකාශ කරන්නට යෙදුනේ ඒ නිසා ය. එකවර මේ ආරංචිය දුන්නොත් හිස් කටුව පොඩි වන්නේ ය. දැන් ඉතින් මුට්ටියට පහර දීමට අපට අවකාශ ඇත. එවිට සිදුවන දෙය නම් අප මුට්ටියට ගසා වෙහෙසව ඉන්නා නිසා හොරාට ගහගන්නට බැරි වීම ය.

බොහෝ දෙනා දෙබරයට ගල් ගැසුවේ යයි ස්ථිරලේකම් වරයාට බණිතත් අපට නම් හිතෙන්නේ කලින් ප්‍රකාශ කර සිටීමෙන් එතුමා ආණ්ඩුව අපහසුතාවයකින් බේරා ගැනීමට කල්පනා කර ඇති බව ය.

ඉතින් මොක ද? සුද්දෝ නැතිවම බැරි ද? අපේ දේශප්‍රේමීන් රෙද්ද උස්සාගෙන අප සමග සටනට එන්න පුලුවන.

මේ නිසා ලංකාවේ නිමි ඇදුම් ලාබ වෙනු ඇතැයි තව කෙනෙක් එහි වාසි කියන්නට ඉදිරිපත් වෙන්නට ද පුලුවන. මේ හිගන කර්මාන්තය නැතිව කිසියම් ඉහළ මට්ටමේ වැඩකට දැන් අත ගැසිය හැකි යයි සමහරු පාරම් බාන්නට ද පුලුවන.

ඔව් ඉතින් තොට ප්‍රීතියට කාරණයක් තමයි ඕකත් කියමින් සමහරු අපේ බොටුව මිරිකන්නට ඉදිරිපත් වෙන්නටත් පුලුවන.

රස්සා නැතිවුනහම කන්න අරන් දෙ‍න්නේ උඹලගේ මහප්පලාදැයි අප ඇසුවහම මොක ද දන්සැල් දෙන රටේ ඕකත් කජ්ජක් දැයි කියන්නට ද ඉදිරිපත් වෙන්නට හපන් අය ද ඉන්නට පුලුවන.

තොපිට අප කීවා නොවේදැයි පාරම්බාන්නට අපට ද පුලුවන.

එහෙත් මේ වෙලාවේ වඩාත් වැදගත් වනු ඇත්තේ ඇයි මෙහෙම වුනේ කියාත් ඊළගට මොකද කරන්නේ කියාත් සංයමයකින් යුක්තව කල්පනා කර බැලීමට මෙය අවස්ථාවක් කර ගැනීම ය.

මේ නිසා අවදානමට ලක්ව ඇත්තේ වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 3.47 ක් එනම් රුපියල් බිලියන 400 ක් වටිනා ආදායමකි. එය තේ අපනයනයෙන් අප ලබන ආදායම මෙන් තුන් ගුණයක පමණ එකකි. මෙයින් 50% ක පමණ ප්‍රමාණයක් ලංකාවට අහිමිවනු ඇතැයි රජය ඇස්තමේන්තු කර ඇතැයි ද වාර්ථාවේ.

අපට උජාරුවට බොහෝ දේ කීමට හැකි මුත් වසර ගණනක් තිස්සේ ගොඩ නගා ගත් කර්මාන්තයකට විකල්ප යමක් සෙවීම එතරම් පහසු වන්නේ නැත. ඒ නිසා ආඩම්බර කතා කියන බොහෝ දෙනෙකුගේ කටේ නරිවාදන් රෙද්ද අස්සෙන් බේරෙන විට දකින්නට නියමිත දර්ශනය නම් ප්‍රියංකර වන එකක් නැත.

බන්දුල ගුණවර්ධනම කියන විදිහට ගෑස් සිලින්ඩරයට අපි දැනටමත් රු 400 ක් බදු වශයෙන් ආණ්ඩුවට ගෙවමු. හෙට අනිද්දා මේ ගින්දරත් කඩා වැටුනොත් පාරිභෝගිකයින්ට සිදුවන්නේ ගෑස් ඇතුළු බොහෝ දේ වලට ආයුබෝවන් කීමට ය. එතකොට පපුවේ හා බඩේ ගින්දරවලින් උයා ගන්නට අපට සිදුවනු ඇත.

Posted in: Uncategorized