අපේ ආණ්ඩුකාරවරුන්ට හා ඇමතිවරුන්ට වීසා අනුමත නැහැ! අනේ අපොයි මෙහෙමත් ව්‍යසනයක්!

Posted on August 25, 2009



බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා එක්සත් රාජධානියේ සංචාරයක් සදහා ඉදිරිපත් කර තිබූ වීසා අයදුම් පතත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා කැනඩාවේ සංචාරයක් සදහා ඉදිරිපත් කර තිබූ වීසා අයදුම්පතත් ප‍්‍රතික්ෂේප වී ඇත.

මෙය එකට එක කිරීමක් විය හැකි ය.

අනේ, උන්ට කරන්න පුලුවන් හරිය!

අපිත් සටන අත් හැරිය යුතු නැත.

ඇත්තටම මේ රටවල් නැතිවාට අපේ ඇමතිවරුන්ට යන්නට වෙන රටවල් නැත් ද?

ආඩම්බරේටත් එක්ක ජෝර්දානයට හෝ ඉරානයට ගිහින් එන්නට බැරි ද?

අප මේ ඇමති වරුන්ගෙන් ඉල්ලා සිටිය යුත්තේ මේ සතුරු රටවලට යාමට අයදුම්පතක් වත් ඉදිරිපත් නොකරන ලෙස ය. එසේ ඉල්ලා විමල් වීරවංශ උද්ඝෝෂනයකට දේශප්‍රේමීන් ලිප්ටන් වටරවුමට කැදවන්නේ නම් එයට සහභාගී වීමට විශාල පිරිසක් කැමැත්තෙන් සිටී. එවන් උද්ඝෝෂණයකට බ්ලොග් අනුග්‍රහයක් දීමට අපිදු කැමැත්තෙන් සිටිමු.

අරාබියට යාම පළක් නොවේ නම් චීනය වුව නරක නැතැයි ඇමති වරුන්ගේ දැන ගැනීම සදහා සදහන් කළ යුතු ය.

ඔබ සියලු දෙනාට අපේ මිතුරන්ගේ පිහිට යි ආරක්ෂාවයි! අපට ත් එසේමැයි!

ගිය දේ ගියාවේ. ඒ කොහොම වෙතත් මෙම නිග‍්‍රහය දිගටම විදින්නට නම් බැරි ය. මින් මත්තට බටහිර රටවලට වීසා අයදුම් කරන නායක කාරකාදීන්ට දේශද්‍රෝහීන් ලෙස සළකා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Posted in: Uncategorized