එක්සත් ජාතීන්ට පලා බෙදන්නට ජාතියේ නාමයෙන් එක්සත් වෙමු!

Posted on August 17, 2009



අවතැන් කදවුරු වතුරෙන් යටවී ඇත. කදවුරු වල කාණු සෑදීම බාර ගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එය වෙලාවට ඉටු කර නොමැති නිසා මේ ඇබැද්දිය සිදුවී ඇතැයි චෝදනා කළේ අවතැන් වූවන්ගේ සුබසාධනය බාර බද්යුද්දීන් ඇමති තුමා ය.

එතුමා කියනවා නම් එය ඇත්තම විය යුතු ය.

මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කමකට නැති සංවිධානයකි. වරක් වැසිකිළි හැදීම බාර අරගෙන ඒක හැදුවේත් නැත. දැන් වතුර බැස යන පද්ධතිය නොහදා උන් ආණ්ඩුව අපහසුතාවයට පත් කර තිබේ.

උන්ට නම් හොදක් වෙන්නට එපා ය. කිසිදෙයක් කර ගන්නට බැරි මේ සංවිධානය රටින් පිටුවහල් කරන්නට කටයුතු කළ යුතු ය.

ඉදිකිරීම් ‍ක්ෂේත්‍රයේ දැවැන්ත කොන්ත්‍රාත්කරුවන් අපට සිටියදී ඇත්තටම මුන් මොකට ද?

කොහොමටත් එක්සත් ජාතීන් අපට කළේ කෙළවන එකම ය.

ඇත්තටම උන් නැතත් අපට මිත්‍රයෝ සිටිති. ඉරානයට කක්කුස්සි ටික හදන්නටත් ජෝර්දානයට කාණුටික හදන්නටත් බාර දිය හැකි ය.

අපව විවේචනය කරන්නට බලන් ඉන්නා අපට මෙසේ කෙළවන්නට බලන් ඉන්නා එක්සත් ජාතීන් අපට වුවමනා නැත. මුන්ව රටින් පන්නන්නට ලිප්ටන් වටරවුමේවත් මොකක් හරි සංවිධානය කරන්නට විමල් වීරවංශට බැරි නම් චම්පික රණවකවත් කටයුතු කළ යුතු ය. හක්ගෙඩි පිඹින්නට හැකි හාමුදුරුවන් ටික වත් පන්සල්වලින් දක්කා ගෙන එන ලෙස අතුරලියට පණිවුඩයක් යැවිය හැකි ය. එයින් උද්ඝෝෂණයට අවශ්‍ය සද්දයත් ආකර්ෂණයත් ලබා ගත හැකි ය.

ඊළග එක්සත් ජාතින්ගේ සමුළුවට පවා සහභාගි නොවීමට ජනාධිපති තුමා තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය ද විදේශ අමාත්‍යංශය ද සන්ඩේ ටයිම්ස් පත්තරයට වෙන වෙනම ලිපි දෙකක් එවා තිබුනි. එතුමා එකත් එකටම මේ කුඩුකේඩු කම් නිසා එය වර්ජනය කරන්නට තීරණය කරන්නට ඇත. ඇත්තටම ජනාධිපති ඒ මගින් රටට පැහැදිලි ඉගියක් ද මේ ඊනියා සංවිධානයට පැහැදිලි තර්ජනයක් ද කර තිබේ.

මේ අරගලයේදී එතුමාගේ දෑත් දෙපා ශක්තිමත් කිරීමට ජාතියේ නාමයෙන් එක්සත් වෙමු. එවිට එක්සත් ජාතීන්ට පලා බෙදිය හැකි ය.

Posted in: Uncategorized