Breaking News! Breaking…. News! Breaking…………. News!

Posted on August 15, 2009



මේ දැන් ලැබුණු ප්‍රවෘත්තියකට අනුව විමල් වීරවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත. ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය ට ය.

ඒ මහතා එසේ කර ඇත්තේ නිපුන රාමනායක මහතාට කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීම හේතු කොට ගෙන ය.

ආරෝග්‍යශාලාවේ නිපුන රාමනායක මහතා සිටිනා ආකාරය දැකීමෙන් පසු කෑම පවා ප්‍රතික්ෂේප කරමින් ඔහු විස්සෝපයෙන් සිටි බව ද බලා ගත් අතේ බලා ගෙන කල්පනා කරමින් පසුවන බව ද ජානිපෙ ආරංචි මාර්ග මේ අතර සදහන් කරයි.

මේ අතර කැබිනට් මණ්ඩලයෙන් අස්වුන ද ආණ්ඩුවෙන් නම් අස් නොවන ලෙස ඔහුට බලපෑම් කරන්නට යැයි මහින්ද රත්නතිලක මහතාට ලැබූ සුවිශේෂ ඉල්ලීමකට අනුව ඔහු විමල් හමුවී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

මෙහෙම ආණ්ඩුවක කැබිනට් ඇමති පදවියක් දැරිය හැක්කේ කෙසේ දැයි පුලුවන් නම් තමාට පැහැදිලි කරන ලෙස විමල් එහිදී මහින්ද රත්නතිලකගෙන් ඉල්ලා ඇත.

වැඩි දුර විස්තර රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු බලාපොරොත්තු වන්න.

————————————————————————————-

මූට නම් ඔල්මාද යැයි පසුපසට හැරී කියා ඇත්තේ මේ ප්‍රවෘත්තිය කණ වැටුන නව සංස්කෘතික ඇමති පියසිරි විජේනායක ය. නැත්නම් තමන්ට නැති කැබිනට් ඇමති පදවියක් අත් හැරිම ගැන කතා කරන්නේ මන්දැයි පියසිරි විජේනායක දෙස බැලූ නන්දන ගුණතිලකට පවසා ඇත්තේ ද පියසිරි ම ය.

ඩලස්ට මේ අජූව කාගෙන ඉන්නට පුලුවන් නම් මූට බැරි ඇයි දැයි නන්දන ගුණතිලක ප්‍රශ්න කළේද පියසිරි‍ ගෙන් ය.

මූට පිස්සු නෑ. මේ පොඩි ගොන් පාට් එකක් වෙන්න ඇති. කොහොමටත් ඕකට ‍හොදට ඇක්ටින් පුලුවන්නෙ. බයවෙන්න දෙයක් නෑ ‍මචෝ! කියා කීවේ ජානිපෙට තව ඇමති පදවියක් ඉල්ලා නොගැනීම ගැන අමනාප වූ මන්ත්‍රී කෙනෙකි.

තව සුමානයක් ඉවසන්න කියපං බං. ඕක ජනතාවට අමතක වෙල යන අලුත් ජවනිකාවක් ඒ වෙනකොට සෙට් වෙයි. ඒ නන්දනය.

ඔන්න ඔහේ හිතේ අමාරුව යන්නත් එක්කල ඕකව සීගිරිය බලන්න එක්ක පලයන් පියසිරි එසේ කීවේ සංචාරක ඇමතිට ය.

යකෝ සීගිරිය අයිති සංචාරක අමාත්‍යාංශයට ද නැත්නම් සංස්කෘතික අමාත්‍යාංශයට ද?

දෙවියො තමයි දන්නේ. හැබැයි ඉතින් සී‍ගිරියේ ගෑණු ටික ඉන්න හැටියට නම් සංස්කෘතික අමාත්‍යංශයට ඕක අයිතියි කියල කියන එක ටිකක් අප්සෙට් වගේ, නැත් ද?

බලපං මචං ලොක්කන්ගෙත් ලොක්ක අපි දෙන්නට සෙට් කරල තියෙන්නේ කොහෙන් ගියත් සීගිරියට යන්න පුලුවන් අමාත්‍යංශ දෙකක් නේ. දෙන්නත් එක්කම මේකව එක්ක ගෙන යං, එහේ. සීගිරි අප්සරාවියොත් ඉන්න එකේ විමල් අකමැති වෙන එකක් නෑ. සංස්කෘතියද මොකද්ද එක මොකක් වුනත්.

කවදාකවත් දැකල නැති සීගිරිය දැක්කහම මූ අහයි කවුද බං ඔය මිනිස්සු කෑ ගහන නිපුන කියල. මතකනෙ නන්ද කුමාරයට වෙච්චි එක කෙල්ලව පෙනුනේ නව දැලි හේනක පෑව වැදිරියක වගේ ‍නෙ?

වරෙං දැම්මම පිටත් වෙමු. ඇක්ටින් එක බැරිවෙලාවත් ඇගට ජීරණය වෙලා ඕකා අස්වෙන එකක් ගැන ආයෙ කතා කළොත් අපි තමයි වැඩියෙන්ම අමාරුවෙ වැටෙන්නෙ.

දෙන්නා කරට අත දාගෙන පිටත් වෙති…… තිරය වැසේ.

Posted in: Uncategorized