නිපුන රාමනායකට පහර දීම ගැන හැමෝම දුක්වෙති!

Posted on August 13, 2009



නිපුන රාම්නායකට පහර දීම භයානක ප‍්‍රවණතාවයක් බවත් ඒ ගැන  වහාම පරීක්ෂාකර වාර්ථා කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිතුමා වෙත දැනුම් දී ඇති බවත් ප‍්‍රකාශ කළේ ඩලස් අලහප්පෙරුම මහතා ය. වාර්ථා කළේ ලංකාඊනිව්ස් වෙබ් අඩවිය ය.

ඇත්තට ම පොලිස් පති පරීක්ෂණ ආරම්භ කිරීමට පමාවී ඇත්තේ මෙම උපදෙස් ලැබෙන කම් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීම විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම කණාගාටුවට කරුණක් බව ය. විමල් වීරවංශ මහතාගේ මේ ශෝක ප්‍රකාශය පළව තිබුනේ ද ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ ය.

මෙය පළවීමත් සමග විමල් වීරවංශ මහතා යුක්තිය ඉෂ්ට නොවුනහොත් ආණ්ඩුවෙන් ඉවත්වී ඇමති පදවි ද බා‍රදෙනු ඇතැයි බියක්ද ජානිපෙ ආධාර කරුවන් අතර පැතිර යමින් තිබේ.

ජානිපෙ ආරංචි මාර්ග පවසන ආකාරයට එතුමා කණගාටු වී තිබෙන්නේ ඇත්තට ම ය.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ මේ පිළිබඳ විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මෙතෙක් මේ ගැන කිසිවක් නොකිරීම ගැන තමන්ගේ ශෝකය පළ කිරීමට ජනාධිපති තුමා ද අපේක්ෂාවෙන් සිටින බව ය. එයට වඩාත් හේතු පාදක වී ඇත්තේ වීරවංශ මහතා ශෝකයෙන් පසුවීම නිසා බව තතු දත් අය කියති.

පවුලේ ආරංචි මාර්ග පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ අංශයේ ප‍්‍රධානියාගේ ද අවධානය යොමුව ඇති බවත් එතුමා ද මේ සම්බන්ධයෙන් කිසිවක් නොකිරීම පිළිබඳව පොලිසිය හා කේන්තියෙන් පසුවන බව ය.

අගුලාන පොලීසීයේ ඕ අයි සී මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් හෙට අනිද්දා කියන්නට යන්නේ නිපුනට පහර දීම පිළිබදව ආණ්ඩුවේ පැරණි සම්ප්‍රදාය අනුගමනය කරමින් අඩු වශයෙන් පොලිස් කණ්ඩායම් පහක්වත් පත් කරන්නට තිබිය දී එසේ නොකර සිටීම අගුලානේ ද කණගාටුදායක සිද්ධියක් ඇතිවීමට හේතු පාදක වී ඇති බව ය. අගුලාන ආරංචි මාර්ග සදහන් කරන්නේ අගුලානේ සිද්ධිය සම්බන්ධයෙන් අඩු වශයෙන් පොලිස් කණ්ඩායම් දහයක්වත් පත් කිරීම අවශ්‍ය බව එතුමා අවධාරණය කරන බව ය.

ජනතාව මේ අතර පවසන්නේ මේ හතර බීරි කතා අපේ රටේම සිදුවන්නේ කුමන පාපයක් තමන් කළ නිසා ද යන්න ගැන මේ දිනවල ඔවුන් හොයමින් සිටිනා බව ය.

Posted in: Uncategorized