ඉස්සර මෙන් නොව දැන් අපට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ඇමැත්තෙක් ඇත

Posted on August 12, 2009



මහින්ද සමරසිංහ මානව හිමිකම් ඇමතිවරයා ය. මානව හිමිකම් අවලංගු වූ රටක මානව හිමිකම් ඇමතිවරයෙකු සිටීම වුව සැනසීමට කාරණයකි.

එතුමාට තිබුණ කාර්යය වූයේ රටේ මානව හිමිකම් තිබෙන බව ලෝකයාට කීමට ය.

ඒ නිසා සුදුවෑන් වලින් මිනිසුන් අතුරුදන් කරද්දී මානව හිමිකම් අප රට තුළ ඇතැයි එතුමා එරොප්පේ ගිහින් ලෝකයාට කීවේය.

මානව හිමිකම් නැතත් එසේ ඇතැයි යන හැගීමක් එතුමා අපට ද ඇති කළේ ය.

මෑතකදී අපූරු වැඩක් වුනේ ය. ඒ එතුමාගේම සගයෙකු සුදුවෑන් එකකින් උස්සාගෙන යාම ය.

මෙතෙක් නැතැයි කී මානව හිමිකම් කඩ විම් දැන් තිබෙනවා යයි එතුමා හිටි හැටියේ කෑගෑවේය.

“I received several calls saying that this person was abducted by a gang who came to his house and pushed him into a vehicle and drove away with him. It
was only several hours later and after making numerous frantic calls
that we discovered he was in fact arrested and taken in for
questioning by the Mirihana Police Special Investigation Unit in
connection with an ongoing investigation. This is inexcusable. The
police cannot simply barge into people’s houses without appropriate
documents and take people away” (Bottom Line – 5.8.2009)

දැන් අපට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ඇමැත්තෙක් ඇතැයි දැනේ. ඒ සමගම ඇත්තටම මානව හිමිකම් නැතැයි බියක් ද හැගේ.

එසේවුවද ලෝකයාට ඇහෙන්නට මෙහෙම කෑ ගෑමෙන් එතුමා කර ඇත්තේ වැරැද්දකි. එයට දඩුවම් ලැබේ දැයි නොදනිමු.

මේ අපේ රටේ ඇබැද්දියය. එකක් හරියන විට අනෙක වරදී.

මෙතෙක් කල් නිලය හිමිව තිබුන ද මානව හිමිකම් ඇමති වරයා ඒ නිලයේ වැඩ බාර ගත්තා විතරය. රටේ මඩ ගානවා යයි කෑගසන්නට එතුමාට විරුද්ධ බලවේග ඉදිරිපත් වී සිටී.

පොලීසිය කියන්නේනම් අල්ලා ගත් තැනැත්තා පාතාලයේ සමාජිකයෙකු බව ය.

මාලඹේ තාක්ෂණ පීඨයෙන් කුදලාගෙන ගොස් සංග‍්‍රහ කළ නිපුනටද පොලීසිය කියා තිබුනේ පාතාලයට සම්බන්ධ බවට ලිපියකට අත්සන් කරන්නට කියා ය. බලාගෙන ගියාම ඒ මහින්ද රත්නතිලක මහතාගේ ආධාර කරුවෙකුගේ දරුවෙකි.

පාතාල කාරයෝ ඔක්කොම ඇමතිවරුන්ට සම්බන්ධ ඇත්තෝ ද? එක් පාතාල කාරයෙක් ළගදී ගුවන් තොටුපොළටම ගොස් ඇරලුවේද ඇමැත්තෙක් බව ප‍්‍රචාරය විය.

ඔක්කොම නිකම් අවුල් වෙලා වගේ ය. වැරදී ඇත්තේ ඇමතිවරුන්ට නොව පොලීසියට ද? නැත්නම් අපට ද?

මේවාට තිත තියන්නට කවුරුවත් නැත් ද? මත තරමට මෙය කටුක හෝ බරපතල නැත් ද?

ඇත්තටම අපේ පවුලක එකෙක් කුදලාගෙන යනකම් මේ ප්‍රශ්නය එහෙමට බරපතල නැත.

Posted in: Uncategorized