ශුද්ධ පළාත් සභාවක් දකුණේ ජනතාවට – සුසිල් පේ‍්‍රමජයන්තගේ පොරොන්දුව

Posted on August 7, 2009



දකුණු පළාත් සභා අපේක්ෂත්වය සදහා අපරාධ වලට සම්බන්ධ දඩුවම් ලැබූ හෝ චෝදනා ලැබූ කිසිවෙකු ඇතුළත් නොකරනු ඇතැයි ප‍්‍රකාශයට පත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ය.

මිනීමැරුමක් සම්බන්ධයෙන් එසේ චෝදනා ලැබූ එකකු සංස්කෘතික ඇමතිවරයෙකු ලෙස පත් කර තවම උණුසුමවත් ගෙවී නැත.

එහෙම වාතාවරණයක පවා එතුමා මෙසේ කියන්නේ

  1. දකුණු පළාත්සභාවේ මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවේ ඇමතිවරයෙකුට වඩා පිරිසිදු විය යුතුයැයි ආණ්ඩුව අපේක්ෂා කරන නිසා ය
  2. ඇමතිවරයෙකු ලෙස පත් කළ යුත්තේ කවුදැයි තේරුම් බේරුම් කිරීමට බලයක් පේ‍්‍රමජයන්ත මහතා නැති මුත් දකුණු පළාත් සභාවට අපේක්ෂයක් තෝරාගැනීමට බලයක් එතුමාට ඇති නිසා ය
  3. බත් කන ජනතාව පිදුරු වළදින ජනතාවට ද වඩා ඉක්මණින් ගොනාට ඇන්දවිය හැකි යයි පේ‍්‍රමජයන්ත මහතා දන්නා නිසා ය
  4. මිනිසුන්ට ඔවැනි දෑ වැඩිකලක් මතක තියෙන්නේ නැතැයි දිගු දේශපාලන ගමනක් ගොස් ඇති පේ‍්‍රමජයන්ත මහතාට ඒත්තු ගොස් ඇති නිසා ය
  5. ලජ්ජා නැතිකමක් ගෑවිලාවත් නැති නිසා ය
  6. මැරයින්ගෙන් හා වංචාකාරයින්ගෙන් තොර දේශපාලනයක් සදහා දකුණු පළාත් සභාවෙන් අඩිතාලමක් දැමීමට බලාපොරොත්තු වෙන නිසා ය
  7. දකුණු පළාත් සභාවට හා දකුණට අලුත් යමක් කරනවා යැයි මෙම තීරණාත්මක මොහොතේ කිව යුතු නිසාත් ඒ කුමක්දැයි තවම හරි හැටි නොදන්නා නිසාත් ය
  8. මොනවා කිව්වත් ආණ්ඩුව දිනනා නිසා කියන දේ කුමක් ද යන්න එතරම් ආදාළ නැති නිසා ය
Posted in: Uncategorized