මෙම ආරාධනය මෙවන් වෙලාවක අපේ පිහිටට එන කැළණිය ශ‍්‍රීමතාණන්ට ය

Posted on August 6, 2009



නරක ආරංචි ඇසීමට අපේ කැමැත්තක් නැත. එහෙත් අප නොපතන මොහොතක ඒවා ලැබෙයි.

මොකෙක් හෝ කාලකන්නියෙක් පැමිණ මෙසේ නරක ආරංචියක් කණ තැබීම නිසා අපේ සාම්‍යයය නැතිව යයි.

කළ යුත්තේ කුමක් ද?

නරක ආරංචි රැගෙන එන්නන්ට අම්බානකට නෙලීම ය. එවිට නරක ආරංචි අරන් එන්නේ නැත. වෙන ප්ලෑන් වගේම ඒකත් සිම්පල් ප්ලෑන් එකකි.

ඇත්තටම මෙම අපූරු අදහස පහළ වූයේ අලි පටලැවිල්ල නිසා තමන්ගේ වාසියට අපේ සංඝයා වහන්සේ ලා  හිංසනය  අනුමත කරන බවට නැගෙන චෝදනාව පැතිර යන බැවිනි. පතුරුවන බැවිනි.

මල්වත්ත හා අස්ගිරිය යනු ගොවිගම කුලයේ ඇත්තන් මහණ කරන කුල පාරිශුද්ධතාවය රැකගෙන එන්නා සියම් නිකායේ ප‍්‍රධාන මධ්‍යස්ථාන දෙක ය. ඉදින් එහෙව් තැනක සත්ත්ව හිංසාව අනුදැන වදාරණවා යයි කවරෙකු හෝ විචිකිච්ඡාවක් ඇති කරන්නේ නම් එය සියම් නිකායට මෙන්ම බුද්ධ සාසනයට ද හොඳ නැත.

මේ තත්වය සමනය කිරීමට පැමිණි ජනපතිට ද මල්වත්තට හා අස්ගිරියට කැමති විදියට ප්‍රශ්නය නිරාකරණය කිරීමට අවසානයේ සිදු විය. දිවයින පත්තර කාරයා හිතුවේ මෙය ගාමිණි ලොකුගේ වැඩක් කියලා ය. ඇට්ටි හැලෙන්න බැන වැදුනේ එහෙම හිතා ගෙන ය. අලි හොරු යයි මහා ගෝරනාඩුවක කළේ ද එහෙම හිතාගෙන ය. බැලුවහම වැඩේ කැරකැවෙන දිසාවෙන් වෙන්නේ තවත් නෝන්ඩි වීමට ය.

මල්වත්තේ හා අස්ගිරියේ පව්වලට අතගසා අවසානයේ ජනපතිටත් දිවයින වැනි දේශප්‍රේමී පත්තරයකටත් අනාථ වන්නට සිදුවිය. වැරැද්ද මේ එකක් වත් නොවේ. මේවා රහ කර කර එන්ජීඕ කාරයින් විසින් උඩට ගෙන ජනයාට දැන්වීම ය. උන්ට ඕනෑ වී තිබෙන්නේ කොහේදෝ යන අලි පැටව් දෙන්නෙක් දඩ මීමා කරගෙන සිංහල බෞද්ධ සමාජයට එහි නායකකාරකාදීන්ට එය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යයන්ට පහර ගැසීමට ය.

ඒ නිසා කළ යුත්තේ මේ අලි  පටලැවිල්ල ගැන තොරතෝංචියක් නැතිව කතා කරන්නන් නිහඩ කිරිම ය.

ඒ නිසා මෙම ආරාධනය මෙවන් වෙලාවක අපේ පිහිටට එන කැළණියේ ශ‍්‍රීමතාණන්ට ය.

දුටු ගැමුණු රාජවංශයේ ඉපැරණි වීරත්වය අපට පසක් කරමින් මෙම යුදෙව්ක‍්‍රිස්තියානි ආක‍්‍රමණය ලත් තැන ම ලොප් කිරීමට කුල භේද පසෙකලා  ප‍්‍රාදුර්භූත වනු මැනවි.

ජාතික චින්තන ප‍්‍රවාහය සමග එක්ව කැළණි සරසවියේ ශිෂ්‍යයින් ඔබට මෙවර නම් හුරේ දමන්නට පෙරමුණ ගන්නවාට සැක නැත. ඒ අය ඉන්නේ ද යුදෙව් ක්‍රිස්තියානි එන්ජීඕ කාක්කන්ට හොද හැටි සළකන කම් ය.

මහාවංශයට කඩේ යාමෙන් අත්වන පින කුල  වෙනස් කමක් සදහා වුව සළකා බැලීම සඳහා සුදුසු පුණ්‍ය කටයුත්තක් වෙතැයි අපේ පන්සලේ හාමුදුරුවන් අප සමග කියා තිබෙ. ඒ විමල් වීරවංශ මහතා ගැන අප හාමුදුරුවන් සමග කතා කරමින් සිටි වෙලාවක ය. විමල්ට අදාළ රීතියක් මර්වින්ට අදාළ නොවන්නට හේතුවක් නැත. මේ දිනවල දෙන්නා සංචාරයේ යෙදෙන්නේද අපේලොක්කා සමග එකට බැවිනි.

එහෙව් විශේෂ වාසියක් නැතත් මර්වින් ආරාධනය පිළිගන්නා බව අපට විශ්වාස ය. ඉක්මණින් කට වහ ගත්තේ නැත්නම් පෝද්දල පාරක් නොව කෙළින්ම ලසන්ත පාරකින්ම සංග්‍රහ කරන්නට අපි බලපොරොත්තු වෙන් සිටිමු. ඒ කැළණියේ ජාති මාමක සේනාවල අනුග‍්‍රහය ඇතිව ය.

Posted in: Uncategorized