කොහොමද ටිකිරි මොළේ? ආණ්ඩුවේ ඇමති පදවියකට ඉල්ලන්න පුලුවන් තරමට තියෙනව නේද?

Posted on August 4, 2009



පවුල් අවුල් වීම නැවැත්වීම සදහා පවුල් වූ අයට මැද පෙරදිග යෑම තහනම් කිරීමට රජය ඉදිරිපත් වනු ඇතැයි කීවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ය.

මගේ මිත්‍රයෙක් වඩා හොද යෝජනාවක් ගෙනාවේ ය.

මිත්‍රයා කියන්නේ පවුල් අවුල්ව ඇත්තේ මැද පෙරදිග යෑම නිසා පමණක් නොවන බවත්  සියලුම පවුල් අවුල් විසදන වැඩ පිළීවෙළකට යෑම ඒ නිසාම කාලෝචිත බව ය. ඇත්තටම පවුල් අවුල් වන්නේ පවුල් වුව හොත් ය.

ඒ නිසා රජය කළ යුත්තේ පවුල් වන එක තහනම් කිරීම ය. එවිට මැද පෙරදිග යෑමේ අවස්ථාව දිගටම ජනතාවටත් ඔවුන් උපයන දෙයකින් කාබී ජීවත්වීමේ වාසිය පාලකයින්ටත් දිගටම ලැබෙන්නේ ය.

අම්මප දැන් දැන් පහළ වන අදහස් යැයි මට එකවර හිතුනත් ඇත්තටම හිත ඇත්නම් මෙය කරන්නට අමාරු එකකුත් නොවේ යයි අනිත් පැත්තට ද හිතිනි.

අනෙත් අතට හැම දෙයක්ම ගැන ම රිනාත්මකව බලන එක වැරදි ය.

එසේ වුව ද ටිකිරි‍ මොළේට පොඩි ගැටළුවක් තවමත් ඉතිරිව තියෙන බව පෙනුනේ ය.

ඒ දැනටමත් පවුල් වෙලා තියෙන අයට කළ හැක්කේ කුමක් ද යන්න ය.

ඒකටත් සිම්පල් ප්ලෑන් එකක් දාගත හැකි ය. කළ යුත්තේ මින් ඉදිරියට පවුල්වෙලා ඇති හා පවුල්වෙලා නැති අය වශයෙන් දෙකොටසක් නැති බවට රාජාඥවක් පැනවීම ය. එයින් පසු රටේ ඉතිරිවනු ඇත්තේ මැද පෙරදිග යෑමට කැමති හා අකමැති යන කොට්ඨාශ දෙක පමණකි. එය ද ආඥාවක් මගින්ම සනාථ කළ හැකි ය.

කොහොමද ටිකිරි මොළේ? ආණ්ඩුවේ ඇමති පදවියකට ඉල්ලන්න පුලුවන් තරමට තියෙනව නේද?

ලොක්ක වුනත් කැමති වෙයි නේද?

Posted in: Uncategorized