Browsing All Posts published on »July, 2009«

කාපු බීපු වෙලාවට කියන දේවල් වැඩිය ගණන් ගත යුතු නැතැයි මීයා පූසාට කීවේ ය

July 25, 2009

19

ස්වීඩන් තානාපති කාර්යාලය ජුලි 31 දා වනවිට වසා දැමීමට තීරණය කර ඇත. ලෝකය පුරාම මෙසේ තමන්ගේ තානාපති කාර්යාල සංඛ්‍යාව අඩු කිරීමේ ක්‍රියාමාර්ගයක් යටතේ මෙය කෙරෙන බව ප්‍රකාශයට පත්ව ඇතත් ඒ සදහා වැහීමට තැන් තෝරා ගැනීමේදී තමන්ගේ විදේශ ඇමතිට වීසා දීමට අකමැති වූ රටක තනාපති කාර්යාලයක් පවත්වා ගෙන යාමට මුදල් වැය කිරීම තේරුමක් නැතැයි කියා ද […]

පාන් කියා ගන්න බැරි කාලයේ වැඩිවුන පාන්!‍කොළඹට (පිටි) කිරි ගමට (එළ) කිරි – අද නැතිව හෙට ලැබෙන මාළු!

July 24, 2009

3

පාන් කියා ගන්නවත් බැරිව ඉන්නා විට අහන්න ලැබුනේ පාන් මිල වැඩි වී ඇති බව ය. පාන් කන්න අමාරු අයට කේක් කන්නට නිදහස ලබා දී ඇති නිසා ඇත්තටම මෙහි ගනන් ගත යුතු යමක් නැත. පාන් විදේශීය නිශ්පාදනයකි. ඒ නිසාම දුරු කළ යුතු එකකි. අපේ දේ ගන්න ව්‍යාපාරය මේ නිසා ඉමහත් සතුටට පත්ව ඇති බව වාර්ථා වේ. […]

මේ මරණ සිදුවන විදිහට පොලිසිය වුනත් ඔරොත්තු දේවියැ

July 23, 2009

11

ඉවරයක් නැතිව සිදුවන මැරකම් හා ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඇගිල්ල දිගුවන්නේ පොලීසියට ය. එල්ටීටී විරෝධී යුද්ධයේ විශාල කාර්යය භාරයක් සිදුකළ රණවිරු කණ්ඩායමකට ය. ගාල්ලේ නගර සභාවේ විරුද්ධපක්ෂ නායකයා ඝාතනය සම්බන්ධයෙන් ද බොහෝ අය බලා සිටින්නේ මැරයන් අල්ලා ගන්නට නොහැකිව පොලීසියට වරදින තෙක් ය. මේ එක් යුගයක මිනීමැරුමක් සිදු වූ කළ කවි කොල ගහන්නට පුරුදුව සිටි රටකි. […]

කසාපබ්බත ජනාධිපතිතුමාගේ කොන්ද පරීක්ෂා කිරිමට සැරසේ

July 22, 2009

17

අප අතර මොන ප‍්‍රශ්න තිබුනත් අපේ බ්ලොග්සගයෙකුට වෙන්නට යන මහා විපත ගැන අපට ඇත්තේ අනුකම්පාවෙකි. කසාපබ්බත ජනාධිපති තුමාගේ කොන්ද පරීක්ෂා කිරිමට සැරසේ. එන පොට හොඳ නැත. එතුමාට බැරිවෙලාවත් කොන්දක් නැතැයි දැනගන්නට ලැබුනොත් කසාපබ්බතට යන එන මං නැතිවෙන බැවිනි. අප රටෙහි බහුතරයක් ජනතාව පවා නායකයෙක් නැතිව අතරමං වන බැවිනි. හැබැයි කොන්ද ඇති නැති බව පරීක්ෂා කරන්නට […]

රණවිරුවන්ට සෙත් පතා නැවත පන්සල් යමු

July 22, 2009

7

හිටපු යුද හමුදාපති වරයාගේ හෝ නාවික හමුදාපති වරයාගේ මාරු සහ පත්වීම් දේශප්‍රේමීන්ගේ ප්‍රශ්නයක් මිස අපේ ප්‍රශ්නයක් නොවේ. එසේ තිබියදීත් අපි කරන්නාගොඩ මහතාගේ විශ්‍රාම යැවීම ගැනත් එතුමාට ලබා දුන් පත්වීම් ගැනත් ලීවෙමු. ඒ මේ රටේ වැඩ කරන විදිහ ගැන අදහසක් යුද උන්මාදයෙන් මත්ව සිටිය ජනතාවට දැනගන්නට සළස්වන්න ය. ඇත්තටම යුද ජයග්‍රහණයට වගකිව යුතු හමුදා ප්‍රධානීන් විශ්‍රාම […]

ආයුබෝවේවා යුව රජාණෙනි! කැළණියම ඔබ සමග ය. කැළණිය සමග රටත් ඔබත් සමග ය.

July 20, 2009

5

පහර දීම කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගෙන් අවසන් වූයේ නැත. ජුලි 20 දා එහි මන්ත්‍රීවරයෙකුද පහර කෑමට ලක්විය. මේ කණ්ඩායම පගා ගහන දූෂිතයින් බවත් හොදින් නැත්නම් නරකින් ඔවුන් පාලනය කිරීමට තමන් කටයුතු කරන බවත් මර්වින් දෙරණ රූපවාහිනියට කීවේ ය. මතට ‘තිත’ තියෙන රජයක් යටතේ පතාලය ‘මර්දනය’ කිරීම දිගට කෙරී ගෙන යන රජයක් යටතේ ‘දූෂණයට’ ද තිත […]

අහෝ ශ්‍රී ලංකාව, මේ ජෝක් උඹ කෙළවර කරනුයේ කවදා ද?

July 20, 2009

5

පසු ගිය දා සිදුවූ ඇමති මාරුව ගැන ඇසූ අපේ මිත්‍රයෙක් කීවේ ලංකාවේ සැබෑව නියෝජනය වන අයුරින් ඇමති මණ්ඩලය නැවත සකස් කිරීමට අපේ නායකතුමා කටයුතු කර ඇති බව ය. ඒ කෙසේ ද යත් අධිකරණය විසින් අයථා යයි හංවඩු ගැසූ ගනුදෙනුවකට සම්බන්ධ මිලින්ද මොරගොඩ මහතා අධිකරණ ඇමති ලෙසත් මිනීමැරුමක් සම්බන්ධයෙන් චුදිතයෙකු වී ඇති පියසිරි විජේනායක සංස්කෘතික ඇමති […]

රටට ගැහැණුන්ගේම පිහිටය!

July 19, 2009

3

හිටපු නාවික හමුදාපතිට ලැබුනේ ජනාධිපති උපදේශක තනතුරකි. වාසුදේවටත් තියෙන ඒ පට්ටමෙන් තමන් හෑල්ලුකර ඇතැයි දැනුණු නිසා එතුමා පදවිප‍්‍රාප්තිය දක්වන ලියුම ජනපති අතින් බාරගත්තේ වමතිනි. එසේ බාර ගන්නා ආකාරය දක්වන ජයාරූපය ලංකා නිව්ස් වෙබ් අඩවියේද පළ කර තිබිණි. පසුව බිරින්දෑවරුන් දෙදෙනෙකුගේ මැදිහත්වීම නිසා ඒ අවමානයෙන් එතුමාට මිදීමට හැකි විය. ඒ සිය බිරින්දෑ හා ජනපති බිරින්දෑ නිසා […]

ටීෂා ගැහැණියකි. ඒ නිසා ඇය මේ බිමේ උරුමක්කාරයෙක් නොවේ. උරුමක්කා‍රයෝ උරුමය ඉල්ලා ඇය හඹා යති!

July 18, 2009

19

ටීෂා ගැහැණියකි. ලස්සනට සිංදු කියන්නට පුළුවන් ගැහැණියකි. දෙමළ ගැහැණියක් නොව සිංහල ගැහැණියකි. මේ රටේ උරුමය ඇත්තේ සිංහල බෞද්ධ ගොවිගම බලය ඇති වැඩිහිටි පිරිමින් ටය. ඒ නිසාම දෙමළුන්ට මෙන්ම ගැහැණුන්ට ද මෙහි ඇත්තේ දෙවැනි පන්තියේ පුරවැසි කමෙකි. එය සිංහල ගැහැණුන්ට ද පොදු ය. ඉදින් තමන් සමග නිදාගැනීම ප්‍රතික්ෂේප කළ දේශ‍පාලනඥයින් දෙදෙනෙකුගේම මැරයන් විසින් දැන් ඇය ලුහු […]

අප නිදා සිටියදී රටවල් 73 ක් අප පසු කර ඉදිරියට ඇදෙයි – දැන්වත් නැගිටිමුද?

July 17, 2009

14

1960 වසරේ අපට වඩා ඉදිරියෙන් හිටියේ රටවල් 70 කි. 1977 වනවිට රටවල් 41 අප පසු කර ගෙන ගොස් සිටියේ අප 111 වෙනි තැනට පත් කරමිනි. 1993 වන විට තව රටවල් 15 ක් අප පසු කරගෙන ගොස් තිබිණි. 2006 වන විට තවත් රටවල් 17 ක් අප පසු කරගෙන ගොස් තිබිණි. වෙනත් විදිහකින් කියන්නේ නම් 1960 සිට […]