කසාපබ්බත ජනාධිපතිතුමාගේ කොන්ද පරීක්ෂා කිරිමට සැරසේ

Posted on July 22, 2009



අප අතර මොන ප‍්‍රශ්න තිබුනත් අපේ බ්ලොග්සගයෙකුට වෙන්නට යන මහා විපත ගැන අපට ඇත්තේ අනුකම්පාවෙකි.

කසාපබ්බත ජනාධිපති තුමාගේ කොන්ද පරීක්ෂා කිරිමට සැරසේ.

එන පොට හොඳ නැත.

එතුමාට බැරිවෙලාවත් කොන්දක් නැතැයි දැනගන්නට ලැබුනොත් කසාපබ්බතට යන එන මං නැතිවෙන බැවිනි.

අප රටෙහි බහුතරයක් ජනතාව පවා නායකයෙක් නැතිව අතරමං වන බැවිනි.

හැබැයි කොන්ද ඇති නැති බව පරීක්ෂා කරන්නට යොදා ගෙන ඇති පරීක්ෂණය අනුව නිෂ්චය ලෙසම කොන්දක් ඇත් ද යන්න දැන ගත හැකි ය.

අතිශය අවදානම් මැද්දේ ගත් මෙම උත්සහය ඒ නිසාම අගය කළ යුතු ය.

පර්යේෂණයට අනුව තමන්ගේ දියණියගේ උපන්දිනය සඳහා ලක්ෂ 45 ක් වැය කළ ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය පැතූ ඇමතිවරයා ඉවත් කිරීමට පියවරක්ගන්නේ නම් ජනාධිපති තුමාට කොන්දක් තිබෙන බවත් එසේ නැත්නම් කොන්දක් නැති බවත් ළගදීම ඔප්පු වීමට නියමිත ය.

එකම පරහකට ඇත්තේ පරීක්ෂණයේ ප‍්‍රතිඵල කවදා එයිදැයි නිෂ්චිත නොවීම ය.

ඒ ගැන දින වකවානු නියම කරන්නේ නම් කසාපබ්බතට ද කොන්දක් ඇතැයි අපට නිගමනය කරන්නට පුළුවන.

මර්වින් සිල්වාට දඩුවම් කරන්නේ නම් ජනාධිපති තුමාට කොන්දක් ඇතැයි ද එසේ දඩුවම් නොකරන්නේ නම් කොන්දක් නැතැයි ද කට්ටියක් කීවෙ මර්වින් රූපවාහිනියට පැන තොවිල් නටපු දා ය.

එහෙත් මර්වින්ට මුකුත් වූයේ නැත. කොන්ද පරීක්ෂා කරන්නට හැදූ අයට කුමක් වුනා දැයි අප දන්නේ ද නැත. කාල වකවානු නොතිබූ නිසාම කාලයේ වැලිතලය යට ඒ ප‍්‍රකාශ සැගව ගිය හෙයිනි.

මෙම පරීක්ෂණය නම් එසේ සැගව නොයනු ඇත. මක්නිසා ද යත් මෙය ලේඛන ගත කර ඇති නිසා ය. එහෙම තත්වයක් තිබියදීත් කසාපබ්බත ඇද ගෙන නාන්නට හදන්නේ කුමකට දැයි කුකුසක් අපට ඇතිවෙයි.

මෙදා ගමන නම් විදේශ ඇමතිවරයා ගෙදර යවන බවට විශ්වාස කටයුතු මාර්ගයකින් වත් කසාපබ්බතට දැන ගන්නට ලැබුනාවත් ද ?

විදේශ ඇමති තුමෙනි කේන්දරය බලවා ගත්තොත් මොක ද?

Posted in: Uncategorized