අප නිදා සිටියදී රටවල් 73 ක් අප පසු කර ඉදිරියට ඇදෙයි – දැන්වත් නැගිටිමුද?

Posted on July 17, 2009



1960 වසරේ අපට වඩා ඉදිරියෙන් හිටියේ රටවල් 70 කි. 1977 වනවිට රටවල් 41 අප පසු කර ගෙන ගොස් සිටියේ අප 111 වෙනි තැනට පත් කරමිනි. 1993 වන විට තව රටවල් 15 ක් අප පසු කරගෙන ගොස් තිබිණි. 2006 වන විට තවත් රටවල් 17 ක් අප පසු කරගෙන ගොස් තිබිණි. වෙනත් විදිහකින් කියන්නේ නම් 1960 සිට ගත වූ අවුරුදු 46 තුළ අප පසු කරගෙන ගොස් තිබෙන රටවල් ගණන 73 කි.

අප සමග එක පෙලට සිටින්නේ සිටින්නේ අප්‍රිකාවේ නොදියුණු රටවල් දකුණු ආසියානු සහෝදරයන් හා මෑතක් වන තුරු සමාජවාදය අත්හදා බැලූ රටවල් වීම ද ඔබේ සැළකිල්ල සදහා යොමු කිරීමට කැමැත්තෙමු. මෙයිනුත් සමහර රටවල් ඉදිරියේදී අප පහු කර ගෙන යනු ඇතැයි දැනට පෙන්නුම් කර තිබේ. ඒ අතර අපේ කලාපයේ ඉන්දියාව හා බන්ගලාදේශය ද සමාජවාදීව සිට නැවත ලිබරල් ආර්ථිකයන් ගොඩ නගා ගනිමින් සිටින වියට්නාමය හා මොන්ගෝලියාව වැනි රටවල් ද ප්‍රමුඛ ය.

රජතුමා සිය නිල කාලය අවසන් කරන විට අපට පිටුපසින් සිටිනු ඇත්තේ බුරුමය හැරුණු කොට අප්‍රිකාවේ නොදියුණු රටවල් කීපය පමණකි.

අප්‍රිකාවේ සංචාරයක යෙදුණු ඔබාමා කියා සිටියේ අප්‍රිකාවට අවශ්‍යව ඇත්තේ ශක්තිමත් නායකයන් නොව ශක්තිමත් ආයතන බවයි (Africa needs not strong leaders but strong institutions). අප සමග ඉතිරිවීමට නියමිත අප්‍රිකාව සමග තරග වැදීමට කැමැත්තේ නම් අප ද ඒ අදහස උගත යුතු ය.

එහෙත් අප අවලංගු කරමින් සිටින්නේ ද රජකු වෙනුවෙන් ඒ ආයතන රටාවම ය.

අපට තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ගේම පිහිටයි! ආරක්ෂාවයි!

අපි ඔබාමාට සරුංගල් අරින්නට යයි කියමු.

Posted in: Uncategorized